වත්මනේ කාර්යබහුල පරිසරය හේතුවෙන් අපි තුළ මානසික වෙහෙසකර තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය දෙයක්. දරා ගත නොහැකි ලෙසින් හිස මත පැටවෙන කාර්යයන් මෙන්ම අපේ ජීවිතයේ අධි බලාපොරොත්තු අපි තුළ පීඩණයක් ඇති කරනවා. ජීවිතය හමුවට ඒන ගැටලු අභියස ඍණාත්මකව සිතීම අද සාමාන්‍ය කාරණාවක් බවට පත් වෙලා. ඉතින් අද අපි ඔබට ගෙන ආවේ ධනාත්මක චින්තන තුලින් ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන ආකාරය පිළිබදවයි.

අපි ජීවිතය දෙස ඍණාත්මකව බලනතාක් අපේ ජීවිතයේ අසුභ සිදුවීම් හට ගැනීමේ හැකියාවක් පවතී. ඒසේ නම් කළ යුත්තේ ජීවිතය හමුවට පැමිණෙන ගැටලු දෙස ඍණාත්මකව නොබලමින් තමන්ට හැකි පමණ ධනාත්මක ලෙස සිතන්නට සිත ශක්තිමත් කොට ගැනීමයි. නිශේධනාත්මක සිතුවිලි ධනාත්මක චින්තනයක් බවට පත් කිරීමට ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ආකාරය සරල වුනත් මේ සදහා ඔයාගේ පුහුණුව සහ කාලය වෙන් කල යුතුයි.

1. ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් දෙස සුභවාදීව සිතන්න

ඔයත් හැම දෙයක් ගැනම ඍණාත්මකව සිතනවා නම් ජීවිතයේ අභියෝගයන් සුභවාදීව දකිමින් ධනාත්මක පැත්ත දෙස පමණක් සිතන්න පුරැදු වෙන්න. සරල උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරතොත් ඔයා මූල්‍ය අංශයේ රැකියාවක නියුතු වීමට කැමති අයෙක් නම් ඔයාට මුල් පත්වීම ලැබෙනුයේ දුෂ්කර පළාතකටයි.

එම අවස්ථාවේ ඔබට දුෂ්කර පළාතකට පත්වීම ලැබීම නිසා නිවැසියන්ගෙන් දුරැස් වීම, බෝඩිම් වියදම්, ආහාර වියදම් මෙන්ම අනෙක් දුෂ්කරතාවන් ගැන සිතමින් නිරන්තරව ලතැවෙනවා නම් ඔබට ඒ තුළින් සතුටක් ලැබෙන්නේ නැත. නමුත් ඔයා නව රැකියාව ගැන තෘප්තිමත් වී රැකියාවේ වැටුප පිළිබද සෑහීමකට පත්ව රැකියාවෙන් කෙසේ හෝ ඉහළට යනවා යන තිර අදිටනින් කටයුතු කරන්නේ නම් ඔයාගේ සුභවාදී දැක්ම වර්ධනය වෙනවා මෙන්ම ඒ් තුළින් මහත් වූ සතුටක් ලද හැකියි.

2. අවිනිශ්චිත දේවල් ගැන සිතීමෙන් බැහැර වන්න

ඔයා නිරන්තරව යම් යම් දේවල් ගැන ස්ථිරතාවයකින් තොරව අවිනිශ්චිතතාවයකින් සිතනවා නම් ඒ තුළ ආතති සහගත තත්ත්වයන් හට ගනී. ඔබට යම් ගැටලුවක් ඇති වුව ද අවිනිශ්චිත පිළිතුරැ සෙවීමෙන් වැළකී ඒ පිළිබදව ස්ථීර පිළිතුරැ වෙත යන්න උත්සහ ගන්න. සරල උදාහරණයක් ලෙස ඔබට වැටුපක් ලැබුණු විට මිතුරන්ට සාපේක්ෂව ඔබ ලද වැටුප අඩු නම්, ඒ පිළිබදව ඔබ ඍණාත්මකව සිතමින් දුක් වෙනවා වෙනුවට ඔබ ලද වැටුප පිලිබද සෑහීමකට පත් වීමට උත්සාහ ගන්න.

3. වෙනස් විය යුතු දේවල් හදුනා ගන්න

ඔබට වඩාත් ශුභවාදී වීමට හා ධනාත්මක චින්තනයක නියැලීමට අවශ්‍ය නම් ඔබ සාමාන්‍යයෙන් නිෂේධනාත්මකව සිතන දෙය ඔබගේ රැකියාව වේවා, දෛනික ජීවිතයේ වෙනත් හේතුවක්ද යන්න මනාව හදුනා ගන්න. පසුව වෙනස් විය යුත්තේ සහ නොවෙනස් විය යුතු කාරණාවන් පිලිබදව මනා අවබෝධයකින් යුක්තව සිතන්න.

4. ඔබම පරීක්ෂා කරන්න

දිවා කාලයේදී වරින් වර ඔබ සිතන්නේ කුමක් දැයි තක්සේරු කරගන්න. ඔබේ සිතුවිලි නිෂේධනාතමක බව ඔබට පෙනෙන්නේ නම් ඒ කෙරෙහි ධනාත්මක හැරවීමක් ඇති කළ හැකි ආකාරයක් සොයාගැනීමට උත්සහ කරන්න.

5. සිනහවට විවෘත වන්න

විශේෂයෙන් දුශ්කර අවස්ථාවලදී සිනහවට හෝ සිනහවීමට උත්සහ ගන්න. දෛනික සිදුවීම්වලදී පවා සතුටින් සිටීමට උත්සහ ගන්න. ඔබ සිනහවන සෑම විටම ඔබ තුළ පවත්නා මානසික ආතතියෙන් මිදී මනස තුළ ධනාත්මක චින්තනයන් වර්ධනය වීම සිදු වෙනවා.

6. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න

සතියේ බොහෝ දිනවල විනාඩි 30ක පමණ ව්‍යායාමයක යෙදෙන්න. දිවා කාලයේදී ඔබට එය විනාඩි 10ක කොටස්වලට බෙදිය හැකිය. ව්‍යායාම කිරීම මනෝභාවයට ධනාත්මක ලෙස බලපාන අතර මානසික ආතතිය අඩු කරයි. ඔයාගේ මනස මෙන්ම ශරීරය පෝෂණය කිරීම සදහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත යොමු වන්න.

7. ධනාත්මකව සිතන පුද්ගලයන් සමග කටයුතු කරන්න

ඔයාට වටිනා උපදෙස් සහ ජීවිතය දිනන්නට ධනාත්මක වශයෙන් සහය ලබා දෙන පුද්ගලයන් නිරන්තරව ඇසුරැ කරන්න. ඒ ඔස්සේ ඔබට පහසුවෙන් ඍණාත්මක ආකල්පයන්ගෙන් ඉවත් වී ඔබේ ජීවිතයේ ධනාත්මක ඉලක්කයන් වෙත පහසුවෙන් ළගා වෙනන් පුළුවන්.

8. ධනාත්මක ස්වයං කථනයට පුරුදු වන්න

නිෂේධනාත්මක සිතුවිල්ලක් ඔබේ මනසට ඇතුළු වුවහොත් එය තාර්කිකව තක්සේරු කර ඔබ බුද්ධිමත්ව සිතා බලා ඔබට හොද දේ තහවුරු කර ගෙන ඒ අනුව කටයුතු කරන්න. ඔයා කියන හැම වචනයක් පාසාම ඍණාත්මක අරුතක් ගැබ්ව ඇත් නම් එම තත්ත්වයන්ගෙන් වෙන් වීමට උත්සහ ගන්න.

9. සෑම දිනකම ධනාත්මක චින්තනය පුරුදු වන්න

ඔබ තුළ නිෂේධනාත්මක දෘශ්ටියක් පවතී නම් ඒක රැයකින් ශූභවාදී වීමට බලාපොරොත්තු නොවන්න. ශූභවාදී දැක්මක් ඇති වන විට අවට ලෝකය පිලිබදව ඔබ තුළ පවත්නා විවේචනයන් අඩු වෙනවා. ඒ තුළ එදිනෙදා ආතතිමය තත්ත්වයන් වඩාත් ඵලදායී ලෙස හැසිර වීමට හැකි වෙනවා.

ඉතින් මේ දේවල් ඔයාගේ එදිනෙදා ජීවිතය තුළ පහසුවෙන් කල හැකි දේවල්. මේ වටිනා දේවල් ඔයාගේ ජීවිතයට එකතු කර ගත්තොත් ඔයාටත් ජීවිතය පහසුවෙන් ජය ගන්න පුළුවන්.

තිළිණි සකුන්තලා හෙන්නායක

වෙනත් ලිපි – ආහාරයේ පෝෂක වලට බලපෑම් කරන විවිධ ආහාර පිසීමේ ක්‍රම


Leave a Reply

Your email address will not be published. Required fields are marked *