සුමුදු දිදුළන සමක හිමිකරැවෙකු වන්න අපි කවුරැත් කැමතියි. අද සමාජයේ බොහෝ දෙනා කුරුලෑ නිසා පීඩා විදිනවා. බොහෝ දෙනා මූනෙහි හට ගන්නා කැරුලෑ කඩන්නටත්, පුපුරුවන්නනටත් කටයුතු කරනවා. එම පුරැද්ද නිසා සිදු වන්නේ මුහුනේ තද පැහැති ලප කැලැල් ඉතිරි වීම වගේම ඒවා ඉවත් කිරීම වඩාත් අපහසු වීමයි.

ඉතින් අද ඔයාට මෙම ලිපියෙන් ගෙන එන්නේ කුරුලෑවලට නිවසේදීම පහසුවෙන් සකස් කර ගත හැකි විශ්මිත පිළියම් කිහිපයක් ගැනයි.

1. ලෙමන් යුෂ

ලෙමන් යුෂ කුරැලෑ සදහා අත්දුටු බෙහෙතක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. විටමින් බහුල පළතුරක් ලෙස සැලකෙන ලෙමන්හී යුෂ මගින් සමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනය මෙන්ම උත්තේජනය කිරීම සිදු කරනවා.

භාවිතා කරන ආකාරය

පිරිසිදු බදුනකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකා ගන්න. කුරැලෑ කැලැල් මත ඇගිලි තුඩුවලින් ලෙමන් යුෂ බින්දුව බැගින් තවරා ගන්න. ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම් ලෙමන් යුෂ සමග ජලය ස්වල්පයක් මුසු කර ගන්න. ඔයාට මේ අත්දුටු බෙහෙත දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන්  කුරුලෑ කැලැල් නිට්ටාවටම සුව කර ගන්න පුළුවන්.

2. කෝපි 

කෝපි කියන්නේ ඉතා රසවත් පානයක්. ඉතින් කෝපි පානයක් වගේම නිවසේදී කුරැලෑවලට බෙහෙතක් විදිහට යොදා ගන්න ඔයාට පුළුවන්. කෝපි කුරුලෑවලට ස්ක්‍රබ් ලෙස සකස්  කර ගන්න පුඵුවන්.

භාවිතා කරන ආකාරය

මුලින්ම ඔයාගේ මුහුණ පිරිසිදු ජලයෙන් සෝදා පිරිසිදු කර ගන්න. කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් මුසු කොට සකස් කර ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන සම මත පිරිමදිමින් සම්බාහනය කරන්න. විනාඩි 5ක් 10කට පසු මෙය සෝදා හරින්න.

3. කෝමාරිකා

කෝමාරිකා ඖශධීය ගුණයෙන් පරිපූර්ණ පැළැටියකි. බොහෝ පිළියම් සදහා යොදා ගනු ලබන් කොමාරිකා මුහුණේ හට ගන්න කුරුලෑ සදහා ද විශ්මිත පිළියමක් ලෙස නිවසේදීම සකස් කර ගන්න පුලුවන්.

භාවිතා කරන ආකාරය

කොමාරිකා පත්තක් ‌‌ගෙන එහි මදය සූරා ගන්න. මෙය සම මත විනාඩි 10 ක් පමණ ආලේප කොට තබා ගෙන පසුව සෝදා හරින්න. අමතක නොකර දවසට දෙවරක් මෙම පිළියම කලොත් ඔයාගේ කැරුලෑ  අනිවාර්යයෙන්ම සුව වෙනවා.

4. මී පැණි

මී පැණි අතීතයේ පටන්ම කුරැළෑ සදහා යොදා ගනු ලබන විශ්මිත අත්දුටු බෙහෙතක්. මී පැණි අනගි ප්‍රතිජීවක, විශබීජනාශකයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

භාවිතා කරන ආකාරය

නිනදට පෙර ඇගිලි තුඩට මී පැණි බිදක් ගෙන කුරැලෑ කැලැල් මත පටලයක් සේ තවරා ගන්න. පසුදා පිරිසිදු ජලයෙන් එය සෝදා හරින්න. කැලැල් බහුලව නොපවතිනවා මී පැණි ආලේප කොට පැය බාගයකින් පමණ පසු සෝදා හරිනන.

5. ඔලිව් තෙල්

ඔලිව් තෙල් ඖෂධීය ගුණයෙන් යුක්ත තෛලයකි. ඔලිව් තෙල් භාවිතයෙන්ද ලප කැලැල් මකා ගන්න පුළුවන්.

භාවිතා කරන ආකාරය

මුහුණ සෝදා පිරිසිදු කර ගන්න. ඇගිලි තුඩුවලට ඔලිව් තෙල් ගෙන මුවෙහි ගල්වමින් සුමුදු ලෙස සමබාහනය කරන්න. කුඩා තුවායක් උණු ජලයෙන් පොගා එය මුව මත තබා ගන්න. විනාඩි කීපයකට පසු මුව සෝදා ගන්න.

ඉතින් ඔයත් කුරැළෑ වලින් පීඩා විදිනවා නම් නිවසේදී පහසුවෙන්ම සකස් කර ගත හැති මේ පිලියම් කරලා බලන්න. ඔයාට ලේසියෙන් වගේම සරලව නිවාඩු පාඩුවේ මුහුණ ලස්සන කර ගන්න පුළුවන්.

තිලිණි සකුන්තලා හෙන්නායක

වෙනත් ලිපි – ජීවිතයේ ජයග්‍රාහකයෙකු වන හොදම ක්‍රමය මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *