අපි අද කතාකරමු නෙල්ලි ගැන. මිනිස් වර්ගයා රැකගන්නට දෙව්ලොවෙන් එවපු ශාකයක් විදිහට මේ නෙල්ලි සැලකෙනවා. නෙල්ලි කිව්වම වර්ග ගොඩයි. බිලිං නෙල්ලි, ඇඹුල් නෙල්ලි, මල් නෙල්ලි, star berry, goose berry, sour cherry වගේ නම් ගොඩක් තියනවා මේ නෙල්ලි වලට.
අපිට නෙල්ලි පළතුරක්, මැල්ලුමක්, ව්‍යංජනයක්, චට්නි, අච්චාරු, ජෑම්, සිරප් විදිහට වගේම අපිට බීම එකක් විදිහටත් අපිට නෙල්ලි පාවිච්චි කරන්න පුලුවන්. නෙල්ලි වල වැඩියෙන්ම තියන්නේ විටමින් C, ඒ වගේම විටමින් A, B, B2, B3, B5, B6, B12, E ත් කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් ,පොස්පරස්, සෝඩියම්, සින්ක්වගේ ඛනිජ ලවණත් මේ නෙල්ලි වල තියනවා. ලුණු රස ඇරුණම ආයුර්වේද වෛද්‍ය ශාස්ත්රයේ තියන රස 6න් 5ක්ම මේ නෙල්ලි වල තියනවා.
රෑට නෙල්ලි ගෙඩියක් කෑවොත් අවුරුදු 100ක් ජිවිත් වෙන්න ආයුෂ ලැබෙනවා කියලා මේ සමාජේම කතාවකුත් තියනවා, අපි මෙච්චර කල් කෑව නෙල්ලි වලින් අපේ ශරීරයට මෙන්න මේ දේවල් ලැබුණා කියලා ඔයාලා දන්නවා ද ?
1. හැගීම් හා බුද්ධියට

අපේ හැගීම් සුභදායක කරන්න, නවීකරණය කරන්න, අපේ හිතේ නිර්මාණශීලී අදහස් මතු කරන්න, මානසික ආතතිය නැති කරලා අපේ අදහස් වලට, බුද්ධියට නව ජිවියක් දෙන්න, වගේම යහපත් සිතුවිලි උත්පාදනය කරන්නත් නෙල්ලි වලට පුලුවන්.
2. මළබද්ධය හා අජීර්ණයට

තන්තුමය ආහාරයක් නිසා ආහාර දිරවීම වෙිගවත් කිරීමට බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැති කිරීමට වගේම ආමාශයේ රෝග, අග්න්‍යාශයේ රෝග, හා පණු රෝග නැති කිරීමටත් නෙල්ලි වලට පුලුවන්. බඩවැල් පිරිසිදු කිරීමට, පටිපනුවන් වැනි පරපෝශි ආසාදනයන් අවම කිරීමත් වගේම මූත්‍රා ආසාදන වලටත් නෙල්ලි හොද ඖෂධයක්.
3. ස්වශන රෝග වලට

හෘද රෝග වළකන්නට වගේම හෘදපේෂි ශක්තිමත් කිරීමටත්, ශ්වසන අපහසුතා වලට, ඇදුම රෝගයට, (Chromiun ) අඩංගු නිසා ධමනි සිහින් වීම වැලැක්වීමටත් නෙල්ලි කුඩු වලට පුලුවන්. පර්යේෂකයන් සදහන් කරන්නේ (Diuretic) කියන පෙනහලු ඉදමීමේ රෝග තත්වෙට ප්‍රතිකාර කරන්න අනාගතයේදිි මේ නෙල්ලි ශාකයේ කොටස් භාවිතා කරලා ඖෂධ නිපදවිම පර්යේෂකයන් ගේ අදහස බවයි.
4. ප්‍රතිශක්තිකරණ හා ශරීරය වර්ධනයට

අත් පා සෛල නිරෝගි හා ශක්තිමත් කරන්නත්, ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නත්, ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වෙන විටමින් C හා A අන්තර්ගත පොලපෙනොල් ( Polyphenols), ඇල්කොයිඩ්ස් ( Allcoids), ක්වෙරටීන් (Quercectin), කෙම්ෆෙරෝල් (Keempferos), ෆ්ලේවනොයිඩ් (Flavonoids) අඩංගු නිසා නෙල්ලි මගින් ප්‍රතිශක්තිකරණ හා ශරීරය වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම නාඩි බලය ශක්තිමත් කරන්නත් නෙල්ලි වලට පුලුවන්. ඒ උනාට දිවේ ඇසිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා ඉදහිට කෑම ගුණදායකයි.
5. ශරීරගත හිමොග්ලොබින් වර්ධනයට

ශරීර අභ්‍යන්තර ලේ ගැලීම් සඳහා මෙන්ම රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමටත් රුධිර පෝෂණ ගුණයෙන් වැඩි නෙල්ලි වලට හැකියාව තියනවා. ශරීරගත හිමොග්ලොබින් වර්ධනයට නෙල්ලි ඉතා ගුණදායකයි.
6. මුඛ රෝග වලට

කොච්චර දත් මැද්දත් කට දූර්ගණ්ධයිද. දත් දිරායාම, විදුරුමස් වලින් ලේ ගැලීම වැළැක්වීමට, දත් මුල් දියවීම වැලැක්වීමට වගේම කටේන් හමන දුර්ගන්ධය වැලැක්වීමටත් නෙල්ලි වලට පුලුවන්. දත් ශක්තිමත් කරමින් දිප්තිමත් දත් පෙලක් ලබා ගැනීමට වියලි නෙල්ලි කුඩු භාවිතය වඩාත් සුදුසුයි.
7. තරුණ පෙනුම රැකගනිිිිමට

කොච්චර රූපලාවන්‍ය පාවිච්චි කරත් තරුණ බව රැක ගන්න අමාරුයි නේද? නෙල්ලි කියන්නේ තරුණ බව ආරක්ෂා කරන සංඝටකයක්. නෙල්ලි කොළ තම්බා දෑස් සේදීමෙන් ඇස් වටා කලු වීම අවම කරගන්නත් දෑස් දීප්තිමත් කරන්නත් පුලුවන්. දෙනෙත් වලට සනිපයක් දැනෙනවා මේ ක්‍රමවේදය මගින්. පල්පයක් ලෙස භාවිතා කරමින් ශරීරය පැහැපත් කරන්න මෘදු කරන්න වගේම සම දීප්තිමත් කරන්නත් නෙල්ලි වලට පුලුවන්.
8. හිසට හා හිස්කබලට

නෙල්ලි කියන්නේ කෑමක් විතරක්ම නෙවෙයි. නෙල්ලි තම්බා ගත් වතුර වලින් හිස්සොරි උකුණන් නැති කරන්න පුලුවන් ඒ වගේම අකලට කෙස් සුදු වීම, හිසකෙස් අඟ පැලීම නවතා දමා දිගු ශක්තිමත්, පෝෂණීීය කේෂ කලාපයක් ලබා ගැනිමටත් නෙල්ලි භාවිතයට ගන්නවා. නෙල්ලි යුෂ හෝ නෙල්ලි යුෂ මිශ්‍ර ජලයෙන් නෑම මගින් දද කුෂ්ඨ නැති කරන්නත් හිසරදය නැති කරන්නත් පුලුවන්.
නෙල්ලි ගැන කියද්දි…අම්මෝ… කියලා මූණ ඇඹුල් කර ගත්තට නෙල්ලි කෑවම මෙච්චර වාසි ලැබෙයි කියලා හිතුවේ නැ නේද… ඒත් නෙල්ලි කද්දි රුධිර පට්ටිකා වැඩිවීමට බෙහෙත් ගන්නවනම්, රුධිරය කැට ගැසීම පාලනය කරන්න බෙහෙත් බොන කෙනෙක් නම්, ක්ෂ්යරෝගය, ගැස්ට්‍රයිටිස් හා ඉන්සියුලින් පාවිච්චි කරන කෙනෙක් නම් නෙල්ලි කනව නම් දෙපාරක් හිතන්න මතක තියා ගන්න.
සඳු ගුණවර්ධන
වෙනත් ලිපි – යුරෝපාකරයේ දුප්පත්ම රටවල්