මොනවද මේ කියන තරමට ම භයානකම ආහාර කියල දැනගන්න ඔබට කුතුහලයක් ඇති. අප ගන්නා සමහර ආහාර වර්ග ඉතා රසවත් වුවත් නිසි පරිදි පිළියෙල නො කීරීමෙන් හෝ වැරදි ලෙස භාවිතා කිරීමෙන් මරණය කැඳවන්න පවා වැඩි වෙලාවක් යන්නෙ නෑ.
එවැනි අතිශය භයානක කෑම වර්ග 7ක් ගැන දැන් අපි කියවල බලමු.
1. ෆූගු(Fugu)/පෆර් ෆිෂ්(Puffer Fish)

ජපන් ප්‍රණීත ආහාරයක් වන ෆූගු නම් මත්ස්‍ය ආහාරය පිළියෙල කළ හැක්කේ වසර ගණනක් තිස්සේ නිසි පුහුණුව ලත් සූපවේදීන්ට පමණයි. නිසි ලෙස නොපිසින ලද ෆූගු නිසා සෑම වසරක ම විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිවෙනවා. මන්ද මෙම ෆූගු මත්ස්‍යයන්ගේ ඩිම්බකෝෂ, අන්ත්‍ර සහ අක්මාවෙහි සයනයිඩ් වලටත් වඩා 1200 ගුණයක් පමණ විෂ වන ‘ටෙට්රොඩොටොක්සින්(Tetrodotoxin)’ නම් මාරාන්තික විෂ අඩංගු වෙනවා.
එක් මත්ස්‍යයෙකු තුළ මිනිසුන් 30 දෙනෙකු මරාදැමීම ට තරම් විෂ අඩංගු වෙනවා. මෙම විෂ ශරීරගත වූ විට එය උදාසීන කිරීම අතිශය දුෂ්කරයි. මන්ද රුධිර සෛල මඟින් මෙම විෂ සහිත සංයෝගය පහසුවෙන් අවශෝෂණය කරගන්නවා.
2. ඇකී බෙරි (Ackee Fruit)

ජැමෙයිකාවේ ජාතික පළතුර වන ඇකී කියන්නෙ ඉතා ම ජනප්‍රිය වගේම භයානක ආහාරයක්. නොඉදුණු ඇකී වල ‘හයිපොග්ලයිසීන්(Hypoglycin)’ නම් විෂ සහිත සංයෝගය අඩංගු වෙනවා.
එමනිසා ආහාරයට ගැනීමට නම් පළතුර සම්පූර්ණයෙන් ම ඉදී තිබිය යුතුයි. ඇකී වල ආහාරයට සුදුසු වන්නේ එහි තිබෙන ක්‍රීම්/කහ පැහැති කොටස පමණයි. අනෙකුත් කොටස් වල අධික වමනය ඇති කරන විෂ අඩංගු වනවා. සමහරවිට කෝමා තත්ත්වයක් හෝ මරණයට පවා ද පත්විය හැකියි.
3. සජීවී බූවල්ලන්(Live Octopus )

කොරියානුවන් අතර ප්‍රචලිත ආහාරයක් වන මෙය සනක්ජි(Sannakji) ලෙසද හැඳින්වෙනවා. මොවුන් ගේ මෙම බූවල්ලන් පණපිටින්ම ආහාරයට ගැනීමේ ක්‍රමවේදය නම් ඉතාමත්ම භයානකයි.
බූවල්ලන් හොඳින් සපා නො කෑවහොත් බූවල්ලා ගේ චූෂණ මගින් අපගේ උගුරු දණ්ඩ තදින් ග්‍රහණය කරගෙන හුස්ම හිර කරන තත්ත්වයට පත්වෙනවා. මෙම භයානක ආහාර ක්‍රමවේදය නිසා වසරකට කොරියානුවන් කිහිප දෙනෙකු ගේ ම ජීවිත අහිමි වනවා.
4. එල්ඩර් බෙරීස්(Elderberries)

ජෑම්, වයින්, තේ, සිරප් ආදිය සඳහා බහුල ව භාවිතා වන එල්ඩර්බෙරි වල කොළ, අතු සහ බීජ වල සයනයිඩ් නිපදවන ‘ග්ලයිකොසයිඩ්(Glycoside)’ මාරාන්තික මට්ටම් වලින් අඩංගු වනවා.
එල්ඩර් බෙරි සම්පූර්ණයෙන් ම ඉදුණු විට හෝ නිසි පරිදි පිසින ලද විට ආහාරය ට ගැනීම ආරක්ෂිතයි. එසේ නොවුණ හොත් ඔක්කාරය, වමනය සහ දරුණු පාචන තත්ත්වයන් ඇතිකරනවා. ඒ වගේ ම විශාල ප්‍රමාණ වලින් පරිභෝජනය කරන්නේ නම් හදිසි කම්පන, කෝමා සහ මරණය පවා ඇතිපවිය හැකියි.
5. රුබාබ්(Rhubarb)

පිළිස්සීමේ දී හෝ පිසීමේ දී භාවිතා නො කළ යුතු මේවායේ කොළ වල ‘ඔක්සලික් අම්ලය’ අඩංගු වෙනවා. ඔක්සලික් අම්ලය විශාල වශයෙන් පරිභෝජනය මාරාන්තික විය හැකියි.
6. කසාවා(Cassava)

දකුණු ඇමරිකාවට ආවේණික, අප්‍රිකාවේ සහ ආසියාවේ ද හමුවන මඤ්ඤොක්කා නම් කසාවා ප්‍රභේදය බොහෝවිට පුඩිං, කේක් ආදිය නිපදවීමට භාවිතා කරනවා. එහෙත් කසාවා ආහාරයට ගැනීමට නම් නිසිපරිදි පිසිනු ලැබ තිබිය යුතුයි.
මන්ද අමු කසාවා තුළ ශරීරය තුළදී මාරාන්තික සයනයිඩ් මුදාහැරීමට හැකි ‘සයනොජනික් ග්ලයිකොසයිඩ්(cyanogenic glycoside)’ ලෙස හඳුන්වන රසායනිකය අන්තර්ගත වෙනවා.
7. රතු පැහැ වකුගඩු හැඩැති බෝංචි(Red Kidney Beans)

Red Kidney Beans ප්‍රෝටීන්, තන්තු, විටමින් හා ඛනිජ වලින් ඉතා පොහොසත්. මේවා ද හොඳින් පිසින ලද පසු ආහාරයට ගත යුතුයි. අමු හෝ නිසි ලෙස නො පිසින ලද Red Kidney Beans වල ‘ෆයිටොහීමග්ලූටනීන්(Phytohaemagglutinin)’ නම් විෂ රසායනිකය අඩංගු වනවා.
එමඟින් අන්ත්‍ර බිත්තියට හානි පමුණු වන අතර පෝෂක නිසි පරිදි අවශෝෂණය වළක්වනවා. මෙහි දී රෝග ලක්ෂණ ලෙස පාචනය, උදර වේදනාව, හිසරදය පෙන්නුම් කරනවා.
මෙවැනි භයානක ආහාර භාවිතයේ දී නිසි ක්‍රමවේදයන් අනුගමනය නො කළේ නම් ජීවිතයත් මරණයත් අතර වෙනස තත්පරයක් පමණ විය හැකි බව දැන් ඔබට වැටහෙනවාද…?
ශකිනි විතානගේ
වෙනත් ලිපි – මේ මද්‍යසාර බොන්න කලින් දෙපාරක් හිතන්න