අපි හැමෝටම ජීවිතයේ අරමුණු තියෙනවා. ඒ් අරමුණු නැත්නම් අපේ ජිවිතේ නූල කැඩුණු සරුංගලයක් වගේ. අපි හැමෝම ජීවිතයේ හීන ගොන්නක් පුරවාගෙන ඒ් හීනත් එක්ක ජීවත් වෙන්න උත්සහ දරනවා. ඉතින් අපිට ජීවිතේ ඉහළට යන්න අරමුණු තියා ගත යතුයි. අපිට වර්ථමනයේ වගේම අනාගතයටත් බලාපොරොත්තු තියෙනවා. අපි ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න උත්සහ ගත යුතුයි.

ඉතින් අද අපි ඔයාට ගෙනාවේ ජීවිතේ අරමුණු දිනන ආකාර කිහිපයක් ගැන.

1. පැහැදිලි අරමුණක් තියාගන්න

ඔයාට ජීවිතේ අරමුණු ගොඩාක් ඇති. නමුත් මුල්ම දේ තමයි ජීවිතේට තියෙන අරමුණු පැහැදිලි අරමුණු වීම. ඔයා ළගම ඉන්න අයට නොතේරෙන වෙනස්ම අරමුණක් ඔයාට තියෙන්න පුළුවන්. හැබැයි ඒ අරමුණු ගැන මනා අවබෝධයක් වගේම පැහැදිලි අවබෝධයක් ඔයාට තිබිය යුතුයි. නමුත් අරමුණු නිශ්චිත නොමැතිව ඒ් ගැන සිතීමෙන් පලක් නැහැ. මම කොහොම හරි කරනවා කියන තිර අධිටන ඔයා‌ තුල තිබ්බොත් ඔයාටත් පහසුවෙන් ජීවිතේ අරමුණු කරා යන්න පුළුවන්.

2. විශාල ආශාවක් පැවතීම

අරමුණු කරා යන්නට අවශ්‍ය නම් ඔයාට ඒ සදහා ම වූ විශාල ආශාවක් පැවතිය යුතුයි. ඉතින් ජීවිතේ ඉන්න තැනින් ඉහළට යන්න අවශ්‍ය නම් ඒ් ගැන තියෙන ආශාවත් විශාල දැවෙන ආශාවක් වෙන්නම අවශ්‍යයි. තමන්ගේ අරමුණට මහත් සේ ආදරය කරනවා නම් ඒ අරමුණු කරා පහසුවෙන්  යන්නට ඔයාට පුළුවන්.

3. අනිත් අයගේ අරමුණු ගැන හිතන්න එපා

ඔයා ජීවිතේ අරමුණු කරා යන්න උත්සහ කරනවා නම් කිසිවිටෙකත් අනුනගේ අරමුණු තමන්ගේ කර ගන්න උත්සහ ගන්න එපා. මේ කියන්නේ ඔයා ළගම ඉන්න අයගේ හීන කරා යන්න උදව් කරන්න එපා කියන පටු චේතනාව නම් නෙවෙයි. නමුත් ඔයාගේ අම්මට ඔයා දොස්තර මහත්තයෙක් කරන්න ලොකු ආශාවක් තියෙන්න පුළුවන්. ඒ්ත් ඔයා කැමැති නිවේදකයෙක් වෙන්න. ඉතින් ඔයා ඔයාගේ හීනය කිසිම අවස්ථාවක කැප කරන්න එපා. බොහෝ අය මෙවන් අවස්ථා වල තමන් අකමැති විෂය ධාරාවන් තෝරා ගෙන ජීවිතය අසමත් වූ අවස්ථා බෙහෙවින් දක්නට ලැබෙනවා. ඔයා අම්මගේ හීනයට කැමති නැත්නම් ඒ් හීනය ඉටු කර ගන්න එක හීනයක්ම තමයි. එය හැබෑ කර ගත්තත් ඒ් හීනය තුළ ඔයාට සතුටින් ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා තමන් ආසා දේ අනුව ජීවිතේ අරමුණු හදා ගන්න අවශ්‍යයි.

4. කැපවීමක් පැවතීම

අපි ජීවිතේ අරමුණු ඉටු කර ගන්න උත්සහ කරනවා නම් ඒ සදහා අප තුළ අනිවාර්යයෙන්ම කැපවීමක් පැවතිය යුතුයි. ජිවිතේ දිනපු හැමෝම ජිවිතේ දිනුවේ අසීමිත කැප කිරීමක් තුළින්. කිසිම අවස්තාවක ජීවිතේ කිසිම දෙයක් උත්සාහයකින් තොරව කාටවත්ම ලැබෙන්නේ නම් නෑ. හෙට දිනය වෙනුවෙන් දකින හීන උදෙසා අද දින ඔයාට බොහෝ දේ කැප කරන්න සිදු වෙයි. අද දවසේ ඔයාට කැප කිරීම් කරන්න කම්මැලි හිතෙනවා නම් ඔයාට ජීවිතේ අරමුණුවලට ලේසියෙන් ගමන් කරන්න බැරි වෙයි.

5. නිතරම දිනුම ආවර්ජනය කරන්න

ඔයාට අරමුණක් තියෙනවා නම් හැමදාම ඒ අරමුණ ගැන හිතමින් ජීවත් වෙන්න. ජීවිතේ අරමුණ ඉටු කර ගත් පසු ජීවිතේ ගෙවන ආකාරය නිතර නිතර මතකයට නගා ගන්න. ඔයා ඔයාගේ හීන එක්ක ජීවත් වෙන්න. ඒ හීන වලට යන්න උත්සහ ගන්න. ඒ් හීන අමතක කරලා යන්නම් වාලේ ජීවත් වුනොත් ඔයාට කවදාවත් ම ජීවිතේ අරමුණු කරා යන්න නම් බැරි වෙයි.

6. හීන දකින්න

තමන්ගේ ජීවිතේ ළගා විය හැකි තැන්  ගැන හීන දකින්න. තමන්ට ළගා විය හැකි තැනටත් ඒහා ගිය හැකි හීන දකින්න. ඔයා හඳ අල්ලන්න උත්සහ ගත්තොත් ඔයාට අඩුම ගානේ තරුවක්වත් අල්ලා ගන්න පුළුවන් වෙයි. ලොකු ලොකු හීන දකින තරමට තමයි ඊට පොඩ්ඩක් පහළින් තැනක හරි නවත්න්න පුලුවන් වෙන්නේ. පහළම තැනක හීනයක් දැකලා ඔයාට කවදාවත්ම ජීවිතේ ඉහළම තැනකට යන්න බැරි වෙයි.

7. හැම දිනුමක්ම සමරන්න

ඔයාගේ ජීවිතේ ඉහළම දිනුම දිනා ගන්න කාලයක් යන්න පුලුවන්. ඒ්ත් ජීවිතේ පොඩි පොඩි දිනුම් සමරන්න.  ඒ් ගැන ලස්සන මතක සටහන් තියා ගන්න. පුංචි පුංචි දිනුම් වෙනුවෙන් ඔයා පුංචි සවාරිවයක් යන්න. ළගම කෙනා ඒක්ක හරි පොඩි පාටියක් කෑම වෙලක් අරන් සමරන්න.  ඒ් පොඩි පොඩි දේවල්වලින් ඔයාට ලැබෙන සතුට ජීවිතයේ විශාල අරමුණු  සහ දිනුම් කරා යන්න විශාල අභිප්‍රේරණයක් වෙන්න පුලුවන්.

ඉතින් ඔයත් ජීවිතේ අරමුණු කරා යන්න උත්සහ කරනවා නම් අපි මේ ඔයාට ගෙනාපු ජීවිතේ අරමුණු දිනන ආකාර අව‌බෝධයෙන් ඔයාගේ ජීවිතයට එකතු කර ගන්න. ඒ් තුළින් ඔයාටත් ජීවිතේ දිනන්න පුළුවන් වෙයි.

තිළිණි සකුන්තලා හෙන්නායක

වෙනත් ලිපි – Google එකේ වැඩියෙන් හොයපු දේවල් මොනවද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *