ලෝකයේ බොහෝ දෙනා අතරේ ජනප්‍රියතම පාන වර්ගයක් වන කෝපි වලින් මිනිස් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ඉතා ඉහළ බව විද්‍යාත්මක අධ්‍යයන රැසකින්ම සනාථ කර ඇත. උදෑසන කෝපි කෝප්පයක් බීමෙන් අප්‍රසන්න මානසිකත්වය දුරුකර ප්‍රබෝධමත්ව දවස ආරම්භ කිරීමට හැකි වේ. එයට හේතු වනුයේ කෝපි වලින් මොළයේ ඩෝපමින්(Dopamine) නම් රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය ඉහළ නැංවීමයි. ලෝකයේ ඉතා ජනප්‍රිය පානයක් වන නිසාම කෝපි වලටම වෙන්වූ ජාත්‍යන්තර දිනයක් තිබෙන බව ඔබ දැන සිටියාද?
ඒ නිසාම සැමදා රස විදින කෝපි ගැන ඔබ දැනගත යුතුම තොරතුරු රැසක් මේ ලිපියෙන් ඔබට කියන්නට අද අපි සූදානම්.
1. Black Coffee

ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය පානයක් වන කළු කෝපි සාදාගනු ලබන්නේ හොඳින් බැදගත් කෝපි කුඩු කර උණුවතුරේ දිය කිරීම මඟිනි. මෙරට කෝපි පානයට සීනි එකතු කර පැණි රසට පානය කළ ද පිටරට සීනි එකතු කිරීමක් සිදු නොකර නියම කෝපි රසටම පානය කරයි.
2. Espresso

මෙහිදී කෝපි කුඩු සමඟ උණු වතුර බොහොම ස්වල්පයක් Pressure machine එකක් ආධාරයෙන් කළවම් කර කෝපි පානය සාදාගනු ලබයි. මෙය ඉතාලි ක්‍රමයක් වන අතර ප්‍රධාන වශයෙන් මෙම espresso භාවිත කරනුයේ වෙනත් කෝපි පානයන් සාදා ගැනීම සඳහා මූලික අමුද්‍රව්‍යයක් ලෙස ය.
3. Latte

ලෝකය පුරා වඩාත්ම ජනප්‍රියම කෝපි පානය මෙයයි. Espresso සමඟ කිරි කලවම් කර සාදාගනු ලැබේ.
4. Cappuccino

Latte වර්ගයක් වන මෙය සාමාන්‍ය කෝපි වලට වඩා පෙණ ගතියෙන් යුක්තයි. එසේම කොකෝවා හෝ කුරුඳු කුඩු ඉහළින් ඉස පිළිගන්වනු ලබයි.
5. Mocha

මෙහිදී espresso කෝපි සමඟ චොකලට් සහ කිරි එක්කර කළවම් කර පිළිගන්වයි.
6. Americano

Black coffee වලට සමාන පානයක් වන අතර espresso දිය කිරීමෙන් මෙම පානය සාදා ගනු ලැබේ. මෙම ජනප්‍රියම කෝපි පානවලට අමතරව ලෝකයේ අධික මිලකට අලෙවි වන කෝපි පාන වර්ග කිහිපයක් ද පවතී.
7. Kopi luwak

මෙම කෝපි වර්ගය නිපදවනු ලබන්නේ ඉන්දුනීසියාව වැනි රටවල් ආශ්‍රිතව ජීවත් වන උගුඩු විශේෂයකින්(civet cat) ලබාගත්නා මළපහ වලින් කිවහොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුමානය. මොවුන්ගේ ආහාර මාර්ගය තුළ අර්ධ වශයෙන් ජීර්ණය වන මෙම කෝපි ඇට මළපහ සමඟ පිටවූ පසු සෝදා වේලා ගනු ලබයි.
විශේෂත්වය වන්නේ මෙම කෝපි පානය කළ පසු තිත්ත රස වෙනුවට චොකලට් රසක් මුව තුල රැඳීමයි. මෙම කෝපි කෝප්පයක් පානය කිරීමට දළ වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඔබට වැය කිරීමට සිදුවේ.
8. Black Ivory Coffee

ලෝකයේ ඇති දුර්ලභම කෝපි වර්ගය වන මෙය නිපදවනු ලබන්නේ ප්‍රධාන වශයෙන් තායිලන්තයේ වන අතර අලින්ගේ මළපහ වල අඩංගු කෝපි ඇට මේ සඳහා භාවිත කරයි. මෙහිදී පළතුරු සමඟ මිශ්‍ර කර ඇරබිකා කෝපි අලින්ට කෑමට ලබාදෙයි. දළ වශයෙන් මෙම කෝපි කෝපයක් රුපියල් 8,000 ක් පමණ වේ.
9. Starbucks frap – Quadriginoctuple

ලෝකයේ කෝපි සඳහා වූ ප්‍රසිද්ධතම සන්නාමයක් වන ස්ටාර්බක්ස් කෝපි වල මිල අධිකම වර්ගයක් වන quadriginoctuple නිපදවනු ලබන්නේ කෝපි කුඩුවලට අමතරව විවිධ ද්‍රව්‍ය රැසක් එක් කිරීමෙනි. දළ වශයෙන් රුපියල් 7,500 ක මුදලක් මෙම එක් කෝපි කෝප්පයක් සඳහා ඔබට වැය කිරීමට සිදුවේ.
H.M.S සඳරුවන් බණ්ඩාර
වෙනත් ලිපි – ඔසප් කාලයට භාවිතා කරන්න පුළුවන් සනීපාරක්ෂක ක්‍රම