මේ කාලේ විතරක් නෙවෙයි කොයි කාලෙත් අපි හැමෝම තම තමන්ගේ ගෙදර වැඩ ලේසියෙන්ම කරගන්න තියනවනම් හරි කැමතියිනේ නේද. ලෝකේ වෙනස් වෙද්දි දවසින් දවස අපේ වැඩ ලේසි කරගන්න ඕනි විදිහේ උපකරණ කවුුරු කවුරු හරි හැදුවා. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ සමහරවිට තාමත් ඔයාල දන්නේ නැති, මේ අවුරුද්ද වෙනකොට ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙමින් පවතින Best Smart Devices කිහිපයක් ගැන.
කියවලම බලන්නකෝ. ඔයාලගේ ගෙදර වැඩ තව ලේසි කරගන්න පුළුවන් උපකරණ මෙතන තියෙන්න පුළුවන්.
1. Philips Hue

Best Smart Lighting System කියලා තමයි මේ වෙනකොට මේ උපකරණය හඳුන්වන්නේ. තරමක් මිල අධික විම නිසා ආසා හැමෝටම මේක ගන්න අමාරු උනත් මේකේ තියන පහසුකම් නම් මේ කාලේ තියන අනිත් Smart Lighting System වලට වඩා ගොඩක් ඉහලින් තියන්න පුළුවන්.
ඇත්තටම මෙහි තියන සුවිශේෂී දෙයක් විදිහට ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට සවි කර ගැනිමට ඇති හැකියාව හඳුන්වන්න පුළුවන්. ඔයාගේ ගෙදර තිබුන බල්බ් වෙනුවට Smart Hue බල්බ සවි කිරීම තුලින් එක වර බල්බ 50ක් ප්‍රමාණයක් පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා. සාමාන්‍ය බල්බ වලට අමතරව මේස ලාම්පු, බිත්ති වලට සවි කරන බල්බ, එළිමහනට සුදුසු බල්බ ඇතුළු වර්ග රැසක බල්බ ප්‍රමාණයක් තියන නිසා මුළු නිවසම Smart කරගන්න හරිම ලේසියි.
ඔබ කොහේ සිටියත් මේ නිසා ඔබට නිවසේ ඇති විදුලි බුබුළු පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලැබිමට අමතරව අවට කාලගුනයට සාපේක්ෂව විදුලි බුබුළු ස්වයංක්‍රීයව ක්‍රියා කරවිම, මධ්‍යම රාත්‍රිය වන විට දැල්වී ඇති අනවශ්‍ය විදුලි බුබුළු ස්වයංක්‍රීයව නිවී යාම වැනි පහසුකම්ද මේ සමඟ ඔබට ලැබෙනවා.
2. Amazon Echo Studio

The Best Smart Speaker කියලා හඳුන්වන මේ අළුත්ම උපාංගය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. මේ වන විට ලෝකේ තියන හැම ස්පීකර් එකකටම වඩා හොඳ සහ ඊටම ආවේනික වූ විශේෂාංග ගණනාවක් Echo Studio එකේ තියනවා කියලා අපිට අවිවාදයෙන්ම පිලිගන්න වෙනවා.
ඔයා කැමතිම සිංදු වලට රසවින්දනයට බාධාවක් නොවන විදිහට 3D Effect එකක් එක්ක රසවිඳින්න කැමතිද? ඒ Effects එක එක වෙලාවට ස්වභාවිකවම වෙනස් වෙන ගමන් ඔබට අහන්න ආසා හිතෙන විදිහට ප්‍රතිනිර්මාණය කරන්න මේ උපකරණයට හැකියාව තියනවා.
ඔබ ලග Amazon Fire TV එකක් තියනම් ඒකත් එක්ක Auto Connect වෙන්න වගේම උසස් ශබධ රසවින්දනයක් ඔබට ලබා දෙන්න මේ උපකරණයට හැකියාව තියනවා. ඒත් එක්කම ගෙදරක තියෙන්න පුළුවන් විදිහේ උපකරණ 1000ක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි මේක නිශ්පාදනය කරලා තියෙන්නේ.
3. Arlo Pro 4

The Best Smart Home Security Camera කියලා තමයි මේක ලෝකයා හඳුන්වන්නේ. ඉතින් අපි බලමු ඇයි මේක මෙච්චරටම විශේෂ වෙන්නේ කියලා.
Arlo Pro 4 කියන්නේ 2K Resolution එකක් දෙන සෙකියුරිටි කැමරාවක්. මේ වර්ගයේම තවත් කැමරා වර්ග දෙකක් (Arlo Ultra & Arlo Ultra 2) මිට වඩා resolution එකක් දුන්නත් (4K) ඒවට වඩා වැඩි ඉල්ලුමක් මේ වන විට Arlo Pro 4 වෙත ඇවිත් තියනවා.
මෙයට කිසිඳු අපහසුවකින් තොරව ගෙදර තියන Wi-Fi Router එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් හින්දා කරදරයක් නැතුව ඕනිම තැනකින් සවිකරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Alexa හෝ Google Assistant එක්ක සම්බන්ධ කරගෙන මුළු නිවසේම තියන Security Camera එක තැනක ඉඳන් පාලනය කරන්නත් හැකියාව තියනවා.
දිවා / රාත්‍රී දෙකේම ඉතාම සුපැදිලි දසුන් ලබා ගැනීමට මෙමගින් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී යමක් හෝ යම් කෙනෙක් සෙලවුනොත් නැතිනම් ඇවිදිනවා දැක්කොත් ඒ කවුරු උනත් එම චලනයත් එක්කම ඉඳලා දිගටම ඒක රූපගත කරගන්න මේ කැමරාවට හැකියාව තියනවා. එකවර චලනයන් කිහිපයක් වෙනවනම් ක්ෂණිකව එකින් එකට මාරු වෙමින් රූපගත කරගන්න හැකියාවත් මේකට තියනවා.
හැබැයි පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේකේ තියන බොහෝ අනතුරු ඇඟවීමේ සංඥා ලබා ගැනීමටනම් මාසිකව යම් මුදලක් ගෙවිමට සිදු විමයි. නමුත් පලමු මාස 03 මෙහි ඇති සියළුම විශේෂාංග නොමිලේ ලබා ගැනිමට ඔබට හැකියාව ලැබෙනවා.
4. Eve Energy

The Best Smart Plug විදිහට හඳුන්වන උපකරනය ගැන තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. හැම Smart ගෙදරකටම Smart Plug එකක් අත්‍යාවශයයි. නැත්නම් කොහොමද ඔබේ Smart Devices Smart විදිහට Connect කරගන්නේ. ලේසියෙන්ම ඔයාගේ ගෙදර ස්වයංක්‍රීය කරගන්න මේ නිසා අවස්තාව සැලසෙනවා.
මේ උපකරණය ඒකට සම්බන්ධ කරලා තියන උපාංග පාලනය කිරීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට පියවර තබපු උපකරණයක්. මේකෙන් පුළුවන් ඔයාගේ ගෙදර තියන උපකරණ එකින් එක වෙන් කරලා අරගෙන ඒ එකිනෙකට කොපමණ විදුලියක් වැය උනාද කියලා බලන්න. ඒ වගේම හැම උපකරණයම වෙන වෙනම අරගෙන ඒවට විදුලිය නිසා කොපමණ මුදලක් වැය උනාද කියලා ගණං හදලා ප්‍රස්තාර ඇඳලම ඔයාලට පෙන්නන්න මේ Eve Energy Smart Plug එකට හැකියාව තියනවා.
ඒ වැඩේ කරන්න ඔයාලට ලැබෙන මොබයිල් ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න වෙනවා. මේ Smart Plug එකට Bluetooth සම්බන්ධතාවයත් තියනවා. ඔයාලගේ ගෙදර HomePod Mini හරි Apple TV එකක් හරි තියනවනම් ඒකත් එක්ක බ්ලූටූත් හරහා සම්බන්ධ වෙන්න මේ Plug එකට හැකියාව තියනවා. නමුත් අවාසනාවකට Alexa හරි Google Assistant එකක් හරි මේ උපකරණය වැඩ කරන්නේ නැහැ.
5. Eufy Video Doorbell 2K

The Best Video Doorbell කියලා තමයි මෙන්න මේ උපාංගය හඳුන්වන්නේ. මිල, විශ්වාසනීයත්වය සහ කාර්ය සාධනය කියන අංශ තුනම එකිනෙකට ගැලපෙන හොඳම Doorbell එක විදිහටත් මෙම උපාංගය බොහෝ දෙනෙක් හඳුන්වනවා.
දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ ඉතාමත් සුපැහැදිලි දසුන් මේ තුලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම දොර අසල ඉන්න කෙනෙකුගේ සම්පූර්ණ ශරීර ප්‍රමාණයම ගණනය කර එය රූපගත කිරීමේ හැකියාව මේ තුල තිබෙනවා. 16GB ධාරිතාවෙන් යුත් මතකය හේතුවෙන් සති දෙකක පමණ කාලයක දත්ත සුරුකිව තබා ගන්නත් මෙම උපාංගයට ලේසියෙන්ම හැකියාව ලැබී තිබෙනවා.
මෙම උපාංගය පහසුවෙන්ම ඔයාගේ Wi-Fi එකත් එක්ක සම්බන්ධ වෙන හින්දා බැටරිය චාජ් කරන්නේ නැතුව කැමති තැනක සවි කරලා මාස 6ක් දක්වා වැඩ කිරීමේ හැකියාවත් මෙයට තියනවා.
තරිඳු සචින්ද
වෙනත් ලිපි – වේගයෙන් පොත් කියවන්නේ කොහොමද ?