ආගම් බේදයකින් තොරව වන්දනා කරන බෞද්ධාගමික ස්ථාන බොහෝමයක් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පිහිටා තිබෙනවා. මේ විස්තරය බුදු දහම හා බැඳිව තිබුණත් ආගම් බේදයකින් තොරව වන්දනා කරන බෞද්ධාගමික ස්ථාන කිහිපයක් ගැනයි.
1. ශ්‍රී පාදය

ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බෞද්ධයන් අතර පමණක් නොව අනෙක් ආගමික ජනතාවගේ ද වන්දනාවට පාත්‍ර වූ ශුද්ධ ස්ථානයකි. බෞද්ධයන්ගේ විශ්වාසය පරිදි බුදු රජාණන් වහන්සේගේ සිරි පතුල මෙම ශ්‍රීපාදස්ථානයේ සළකුණු කර තිබේ. වාරය අවාරය ලෙස ශ්‍රීපාදස්ථානය වන්දනා කරන කාලයන් දෙකකි. වන්දනා කරන කාලය ආරම්භ වන්නේ දෙසැම්බර් මාසයේ දී වන අතර මැයි මාසයෙන් එය අවසන් වේ. ශ්‍රීපාදය වන්දනා කිරීම යනු බෞද්ධ ජනයාට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙන්නක් වේ. එහි පවතින දුෂ්කර ගමන් මාර්ගය නිසාම එම වන්දනාව සිහිනයක් පමණක්ම වන ජනයාට ඕනෑතරම් සිටිති.
නමුත් ශ්‍රීපාදය වන්දනා කිරීමට කැමැත්තක් දක්වන නමුත් එම ගමන් මාර්ගයේ ගමන් කිරීමට අපහසු විවිධාකාරයේ අපහසුතාවන් තිබෙන අයට උදව් කරමින් ඔවුන්ගේ එම ආශාව ඉටු කරන ආකාරයද ශ්‍රීපාද වන්දනාව අතරමඟ දී දැකිය හැකි වේ. ශ්‍රී පාදයට පාන්දරින්ම යන අයෙකුට ඉර සේවය හොඳින් දැකබලා ගැනීමේ වාසනාව ලැබේ.
ශ්‍රීපාදය පළමු වතාවට වන්දනා කරන්නා කෝඩුකාරයෙක් වේ. සීත ගගුලෙන් පිරිසිඳු වී ඉදිකටු පාන පසු කරමින් ශ්‍රීපාදයට යන ගමන ඉතාම බැතියෙන් සහ ගෞරවයෙන් සිදු කළ යුතුමය.
2. අනුරාධපුරය

අනුරාධපුරය යනු ශ්‍රී ලංකාවේ රාජධානි අතරින් එකකි. මෙහි විශේෂත්වය වන්නේ බෞද්ධ ජනයාගේ අතිමහත් ගෞරවයට ලක්වන රුවන්වැලි මහා සෑය පිහිටා තිබීමයි. දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑය අතීත මහා විහාරයට අයත් වූ ප්‍රධානතම දාගැබයි. උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. (ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.) වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයක් වේ.
අනුහස් පිරි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේද අනුරාධපුර පින් බිමේ වේ.
ඒ වගේම අතීතයේ අනුරාධපුර යුගයේ දී රජකළ රජවරුන් විසින් ඉදි කළ බොහෝමයක් වැදගත් දාගැබ්, පන්සල්, වැව්, ආදිය දැක ගන්නත් පුලුවන්. අටමස්ථාන පිහිටා තිබෙන නිසාම බෞද්ධ වන්දනාකරුවන්ගේ ප්‍රධාන නැවතුමක් ලෙස අනුරාධපුරය හඳුන්වන්න පුලුවන්.
3. ශ්‍රී දළඳා මාළිගාව

ශ්‍රී ලංකාවාසින් පමණක් නොව ලෝකවාසී බොහෝ ජනතාව මහනුවර පිහිටි දළඳා මාළිඟාව වන්දනා කිරීමටත් දැක බලා ගැනීමටත් පැමිණෙනවා. මහනුවර නගරය කියූ සැනින් ඕනෑම අයෙකුට දළඳා මාළිඟාව මතකයට නැඟෙනවා. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවා හිඳින්නේ මහනුවර ශ්‍රී දළඳා මාළිඟාව තුළයි.
දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් හතරක් ඇත.
1. අලුත් සහල් මංගල්‍යය
2. අලුත් අවුරුදු මංගල්‍යය
3. ඇසල මංගල්‍යය
4. කාර්තික මංගල්‍යය
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංකේතයක් බවට පත් වී ඇත.
4. රත්නපුර සමන් දේවාලය

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම දේවාලය සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදි කර තිබේ. ආර්‍යකාමදේව නම් වූ අධිකරණ ඇමතිවරයෙක් රත්නපුරයට පැමිණ මැණික් පිළිබඳව ගවේෂණයක් සිදු කර තිබේ. මැණික් ගැරීම සම්බන්ධයෙන් ඔහු සිදුකරන මෙම ගවේෂණය සාර්ථක වුවහොත් සමන් දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සඳහා එහි දේවාලයක් කරවන බවට භාරයක් වීමත් අවසානයේ දී ඔහුගේ මෙම ගවේෂණය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු ප්‍රථමයෙන් ම රත්නපුර සමන් දේවාලය කරවීමට කැපවූ බව ඉතිහාසයේ සඳහන් ය.
සමන් දේවාලයේ ඇසළ පෙරහැර සෑම වසරක් පාසාම ඇසළ මස අමාවකදාට පසු දින ආරම්භ කර එදින සිට පසළොස්වක පෝය දිනට පසු දින දක්වා දින පහළවක් පෙරහැර පවත්වයි. පෙරහැර අවසන් කිරීම සඳහා ගෙවැදීමට සුභ මොහොතක් උදාවන තුරු ඇතැම් විට දිනක් දෙකක් ඉදිරියට පෙරහැර පවත්වයි.
මෙම ඇසළ උත්සවය පෙරහැර තුනකින් සමන්විත වෙයි. ඒවා කුඹුල් පෙරහැර, දෙවේලේ පෙරහැර සහ මහ පෙරහැර නම් වේ.
5. කැළණිය රජමහා විහාරය

“උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ” මේ කියමන ඕනම කෙනෙක්ට හුරුපුරුදු කියමනක්. මණිඅක්ඛිත නා රජුගේ ඉල්ලීමට අනුව බුදුන්වහන්සේ තෙවන ලංකාගමනය කැළණි පුද බිමේ දී සිදු වූ බවට අතීතයේ පටන් පැවති විශ්වාසයයි. බුදුන් වහන්සේට ධර්මය දේශනා කිරීමට මැණික් පුටුවක් සෑදූ බවත්, ධර්ම දේශනාවෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කිරීම සඳහා කැළණි ස්ථූපය ඉදි කළ බවත් පැරණි පොතපතේ සඳහන් වේ.
කැළණිය පුදබිම තවත් ආකාරයකින් ලක්වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වේ. එකළ සිදුවන්නට මුහුද ගොඩගැලීම නවතාලීමට කැළණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවියව මුහුදට බිලි දීම ඇතුළු අතීත කතා විශාල ප්‍රමාණයක් කැළණිය හා සම්බන්ධව පවතී.
6. කළුතර බෝධිය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නගර මධ්‍යයේ පිහිටි කළුතර බෝධිය බෞද්ධාගමික සහ අන්‍යාගමික සියලු දෙනාම බේදයකින් තොරව වන්දනාමාන කරන පූජනීය ස්ථානයකි. කළුතර බෝධිය ලොව පැරණිතම වෘක්ෂය ලෙස හඳුන්වන ශ්‍රී මහා බෝධියේ දෙවන අංකුර පෙළට අයත් වේ. මෙම පූජනීය ස්ථානය වසර 3220කටත් වඩා ඉපැරණි අතීතයක්ද සමඟ තවමත් ආරක්ෂිතව ජනයාගේ වන්දනාවට පාත්‍ර වේ.
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකළ ගොඩනැඟිලිද කළුතර දිස්ත්‍රික්කය පුරා දැකිය හැක.
ශ්‍රී ලංකාව යනු බෞද්ධ ආගම සංස්කෘතිය ඇසුරෙන් ජීවත් වන රටක් වන නිසාම විශේෂිත වූ බෞද්ධාගමික පූජනීය ස්ථාන සෑම ප්‍රදේශයකම පවතිනවා. ලංකාවේ කොහේ කොතැනක ගියත් එම පූජනීය ස්ථාන මඟ නොහැර ආශිර්වාද ලබා ගනිමින් අලුත් අත්දැකීමක්ද ලබා ගන්න උත්සාහ කරන්න.
රශ්මි මහේෂා ප්‍රනාන්දු
වෙනත් ලිපි – ඔබත් බලන්නම ඕනි 2021 හොඳම Smart Devies