Covid-19 වසංගතය එක්ක Zoom අපේ ස්මාර්ට් ෆෝන් වල අත්‍යවශ්‍ය යෙදුමක් බවට පත් වුණා . කෙසේ වෙතත්, Video ඇමතුම් හෝ සම්මන්ත්‍රණ සඳහා Zoom භාවිතා කිරීම වගේ ම වෙනත් Platforms වෙත අඩු වැඩි වශයෙන් යොමු වූ බව හදුනාගත හැකියි.
Zoom යනු වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සහ සම්මන්ත්‍රණ අතර වූයේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම සහ එහි පැවති පහසුකම් හේතුවෙන් . වසංගතයට පෙර පවා, පුද්ගලික මෙන්ම වෘත්තීය භාවිතය සඳහා එය භාවිතා කිරීමේ අවශ්‍යතාවය වේගයෙන් ඉහළ යමින් තිබුණු බව පැහැදිලි යි. එහෙත්, 2020 මාර්තු මාසයේදී ක්‍රියාකාරී පරිශීලකයින්ගේ 225% කට වඩා වැඩි වීම නිසා බොහෝ දෙනා පැමිණි තාක්ෂණික ගැටලු නිසා විකල්පයන් වෙත යොමු වූ අතර ඒවායෙහි මූලිකාංග බොහෝ දුරට පරිශීලකයන්ට වැදගත් වූ බව Feedback අධ්‍යයනයේදී පැහැදිලි වූ බව පර්යේෂණ පෙන්වා දී ඇත.
සීමා කිරීම් සහ රෙගුලාසි ලිහිල් වෙමින් පවතින බැවින්, දුරස්ථව වැඩ කිරීමේ වටිනාකම මිනිසුන් වටහාගෙන ඇත. ඒ සඳහා සුදුසු Platforms ගැනයි මේ සොයාබැලීම.
1. Google Meet

Google Meet යනු බොහෝ පරිශීලකයින් දැනටමත් දන්නා වඩාත් ජනප්‍රිය වීඩියෝ සම්මන්ත්‍රණ යෙදවුමකි. එය මසකට ඩොලර් 8ක් වැය වන නොමිලේ සහ ගෙවීම් version ලෙස පවතී. එය වීඩියෝ සම්මන්ත්‍රණ සහ (Webinars )වෙබිනාර් සංවිධානය කිරීම සඳහා ඉතා සුදුසු වන Hangouts හි ඉහළ Business Version එක බවට පත් ව තිබේ.
නොමිලේ සැලසුම මඟින් පැයක රැස්වීමක් සඳහා සහභාගිවන්නන් 100 ක් දක්වා එකතු කිරීමට ඉඩ සලසයි. එහෙත්, Enterprise Plan මඟින් සහභාගිවන්නන් 250ක් දක්වා එකතු කිරීමට හැකියි. පැය 300කට වැඩි කාලයක් සඳහා HD ඇමතුම් ආරම්භ කිරීමටත් මින් ඉඩ සලසයි.
2. Cisco WebEx

Cisco WebEx යනු තවත් ජනප්‍රිය වීඩියෝ සම්මන්ත්‍රණ යෙදවුමකි. එය HD වීඩියෝ රැස්වීම් පැවැත්වීම සහ කෙටි පණිවිඩ හරහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ සලසයි. screens , files ,links සහ වෙනත් දේවල් බෙදා ගැනීමටද හැකිය. Cisco WebEx හොඳම අත්දැකීම ලබා දීම සඳහා සැලකිය යුතු AI මත පදනම් වූ විශේෂාංග කිහිපයක් ද ලබා දෙයි.
මෘදුකාංගය සැලසුම් හතරකින් ලබා ගත හැකිය.
- නොමිලේ
- ආරම්භක (මසකට ඩොලර් 13.50)
- ව්‍යාපාර (මසකට ඩොලර් 26.95)
- ව්‍යවසාය (quotes මත පදනම්ව )
නොමිලේ රැස්වීමකට සහභාගිවන්නන් 100 දෙනෙකුට ඉඩ සලසන අතර ආරම්භක ක්‍රමයෙන් 150 දෙනෙකුට ඉඩ සලසා දෙයි. ව්‍යාපාරික ක්‍රමයේ දී 200 දෙනෙකුට ඉඩ සලසා දෙයි. ව්‍යවසාය ක්‍රමයෙන් රැස්වීමකට සහභාගිවන්නන් 100,000 ක් තබා ගැනීමට හැකියාව ඇත.
3. Microsoft Teams

Microsoft Teams යනු තවත් ප්‍රසිද්ධ වෘත්තීය වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගයකි. දුරස්ථව වැඩ කරන අතරතුර වීඩියෝ රැස්වීම්, ශ්‍රව්‍ය ඇමතුම්, කෙටි පණිවිඩ යැවීමට සහ files හෝ links බෙදා ගැනීමට එය ඉඩ සලසයි. වැඩිදියුණු කළ ගුණාත්මක භාවය සැපයීම සඳහා එය Cisco වැනි AI සහාය ද ලබා දෙයි.
Microsoft Teams යනු සියලු වර්ගවල පරිශීලකයින් සඳහා විශේෂාංග වලින් පොහොසත් සහ දැරිය හැකි මෙවලමකි.
එය සැලසුම් හතරකින් භාවිත කළ හැකිය
- Freemium
- Basic (මසකට $5)
- Standard (මසකට $12.50)
- E3 (Annual Commitment සමඟ මසකට $20).
පළමු සැලසුම් තුනේ ඇති රැස්වීමකට සහභාගිවන්නන් 300 දෙනෙකුට ඉඩ දෙන අතර, E3 සැලැස්ම මඟින් රැස්වීමකට සහභාගිවන්නන් 10,000ක් දක්වා එකතු කිරීමට ඉඩ සලසයි.
4. Zoho Meeting

Zoho Meeting යනු කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා පරිපූර්ණ වූ විකල්පයකි. එය මාර්ගගත රැස්වීම්, දේශන සහ වෙබිනාර් ඉතා පහසුවෙන් host කිරීමට ඉඩ සලසයි. යෙදුම ස්ථාපනය කිරීමකින් (install )තොරව එයට සම්බන්ධ වීමට සහ රැස්වීම් ආරම්භ කිරීමට පවා හැකිය.
Zoho meeting සැලසුම් හතරක් ඔස්සේ භාවිත කළ හැකිය.
- Meeting -10 (මසකට $2.5)
- Meeting -25 (මසකට $5)
- Meeting -50 (මසකට $7.5)
- Meeting-100 (මසකට $10)
සැලසුම්වල සංඛ්‍යා මඟින් රැස්වීමකට ඉඩ දිය හැකි සහභාගිවන්නන් සංඛ්‍යාව එහි දක්වයි.
5. RingCentral

RingCentral යනු premium HD වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගයකි. විශේෂයෙන් විශාල ව්‍යවසායන් සහ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරයි. එය සහභාගිවන්නන් 500ක් දක්වා එකවර වීඩියෝ රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබා දෙයි.
මෘදුකාංගය ස්ථාපනය කිරීමකින් (install ) තොරව බ්‍රවුසරයකින් එය කෙලින්ම භාවිතා කළ හැකිය.
එය සැලසුම් හතරක් ඔස්සේ භාවිත කළ හැකිය .
- Essential (මසකට $19.99)
- Standard ($24.99/මසකට )
- freemium (මසකට $34.99 )
- Ultimate (මසකට $49.99)
6. Skype Meet Now

වීඩියෝ රැස්වීම් සඳහා අපගේ ආදරණීයයන් සහ සගයන් සමඟ සම්බන්ධ වීමට Skype සැමවිටම ඉතා ප්‍රයෝජනවත් යෙදුමකි. Meet Now by Skype නොමිලේ රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා පරිපූර්ණ විශාලතම මෘදුකාංගයක් ලෙස හදුනාගත හැකිය.
ඕනෑම උපාංගයකින් HD ගුණාත්මක භාවයෙන් වරකට සහභාගිවන්නන් 100ක් දක්වා වැඩි කරගත හැක. යෙදුමෙන් හෝ බ්‍රවුසරයෙන් සෘජුවම ස්කයිප් භාවිතා කළ හැක.
7. GoToMeeting

GoToMeeting යනු වෘත්තීය පරිශීලකයින් සඳහා පරිපූර්ණ මෘදුකාංගයකි. එය තනි ක්ලික් කිරීමකින් රැස්වීම්වලට සම්බන්ධ වීමට, සත්කාරකත්වය (host )සැපයීමට සහ කළමනාකරණය කිරීමට ඉඩ සලසන web – based video විසඳුමකි.
එය සියලු වර්ගවල උපාංග තුළින් ලබා ගත හැකි අතර සියලුම සහභාගිවන්නන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට admin center පහසුකම සපයයි.
GoToMeeting සැලසුම් තුනක් ඔස්සේ භාවිත කළ හැකිය.
- Profession (මසකට $12)
- Business (මසකට $16)
- Enterprise (based on quotation )
සියලුම සැලසුම් වල මූලික විශේෂාංග තිබේ. ගෙවූ සැලසුම් මිලදී ගැනීමට පෙර දින 14ක නොමිලේ අත්හදා බැලීමක් ද ලබා ගත හැක.
8. BlueJeans

දුරස්ථව සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් BlueJeans Zoom යෙදුම ඊට හොඳ ආදේශකයකි. එය HD වලින් රැස්වීම් සහ සිදුවීම් සංවිධානය කිරීමට ඉඩ සලසන විශිෂ්ට වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුමකි.
BlueJeans හී ඉදිරිපත් කරන්නන් (host) 15ක් දක්වා වූ රැස්වීමකට නැරඹීමට පමණක් සහභාගිවන්නන් 50,000ක් දක්වා එක් කිරීමට ඉඩ සලසයි. සහභාගිවන්නන්ට වෙබ් බ්‍රවුසරයක් හරහා සෘජුවම සම්බන්ධ වීමට අවසර ඇත. එය මහා පරිමාණ රැස්වීම් සහ සිදුවීම් සඳහා පරිපූර්ණ යෙදුමකි.
BlueJeans ආකාර තුනකින් භාවිත කළ හැකිය .
- Standard ($9.99, මසකට)
- Pro ($13.99, මසකට)
- Enterprise (based on quotation )
9. Discord

Discord යනු විශේෂයෙන් පුද්ගලික භාවිතය සඳහා භාවිත කළ හැකි මෘදුකාංගයකි. එය ක්‍රීඩකයින් අතර ඉතා ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන නමුත් එය එයට පමණක් සීමා නොවේ. Discord භාවිතයෙන් සංකේතනය කළ කතාබස්, පණිවිඩ යැවීම සහ වීඩියෝ හමුවීම් ද පැවැත්විය හැකිය.
මෑතකදී, Discord විසින් වරකට පරිශීලකයින් 10 සිට 50 දක්වා Go Live වීඩියෝ ඇමතුම් සඳහා අවකාශය විවර කර ඇත.
10. Hibox

කාර්ය කළමනාකරණය, ව්‍යාපාරික කතාබස් සහ වීඩියෝ සම්මන්ත්‍රණ බාධාවකින් තොරව සිදු කරන විශිෂ්ට සහයෝගීතා මෘදුකාංගයකි. තනි ක්ලික් කිරීමකින් රැස්වීම් ආරම්භ කිරීමට හෝ සම්බන්ධ වීමට හැකිය. එය කණ්ඩායම වැඩ කරන ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාවක් තබා ගැනීමට ද ඉඩ ලබා දෙයි.
Hibox විසින් freemium මාදිලියක් ලබා දෙන අතර ,two paid plans ලබා ගත හැකි අතර එය පරිශීලකයෙකුට මසකට ඩොලර් 4ක් සහ ඩොලර් 8ක් වැය වේ.
ඉෂාන්ති අමරසිංහ
වෙනත් ලිපි – ලෝකේ ඉදිරි ගමන වෙනස් කල සොයාගැනීම්