කවර තරාතිරමක කවර සත්ත්වයෙකුට වුව ද තම ජීවිතය නිසියාකාරව පවත්වා ගන්නට අවශ්‍ය නැතුවම බැරි පානයක් විදිහට ජලය සලකන්න පුළුවන්. ඒ අනුව පැහැදිලි වනුයේ ජලය පානයෙන් තොරව කිසිවෙකුටත් මෙලොව ජීවත් විය නොහැකි බවයි. ජලය යනු මිනිස් සිරුරට අත්‍යාවශ්‍යම පානයකි. ජලයේ අන්තර්ගත ස්වාභාවික පෝශකවලින් සියයට 70 කටත් වඩා වැඩියෙන්  සිරැරට අවශොෂණය කර ගනු ලැබේ. ඉතින් අද අපි  ගෙනාවේ කාර්යබහුල ජීවිතයකට හුරු වුන ඔයාට නිරන්තරව පානය කිරීමට අතපසු වන හොදම පානයේ වැදගත්කම පිලිබද තොරතුරුයි.

 සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දිනකට ජලය කොපමණ ප්‍රමාණයක් පානය කරන්න අවශ්‍ය ද කියන එක. මුත්‍රා වශයෙන් සහ දහඩිය දැමීම හේතුවෙන් අපේ සිරැරෙන් ජලය පිට වෙනවා. සාමාන්‍යයෙන් දිනකට ජලය වීදුරැ අටක් පානය කළ යුතු අතර ඒ කියන්නේ අවුන්ස අටේ වීදුරු අටක් පානය කළ යුතුයි. එනම් ලීටර් දෙකක් නැතිනම් ගැලුම් භාගයක පමණ ජලය පානය කළ යුතුයි. දැන් අපි බලමු ජලය පානය කිරීම තුළින් අපිට ලැබෙන වාසීන් පිලිබදව.

1. ලෙඩ රෝග වැළදීම අවම කරවයි

බැක්ටීරියා සහ වෛරස් හෙතූ කර ගෙන මිනිසාට ලෙඩ රෝග වැළදීමේ හැකියාවක් පවතී. ජලය පානය හේතුවෙන් සේදුම්කාරක ගුණය නිසා වෛරස් සේදී යයි. ඒ අනුව ජලය නිසි ලෙස පානය කිරීම තුළ ලෙඩ රෝග වැළදීම පාලනය කර ගත හැක.

2. සිරුරේ බර අඩු වීම.

ඔයත් ස්ථූලතාවය හේතුවෙන් ඇතැම් විට පීඩා විදිනවා වෙන්න පුළුවන්. ඒ අනුව ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයන් වැඩියෙන් ජලය පානය කිරීමෙන් කාලයක් ගත වන විට ස්ථූලතාවය අඩු වන බව වෛද්‍යවරැන්ගේ නිර්දේශයයි.

3. කාර්යශූර බව වර්ධනය වීම

ජලය පානය තුළින් විජලන තත්ත්වය මග හරවා ගත හැක. විජලනය ජලය පානය අඩු වීම හේතුවෙන් ඇති වන අතර කම්මැලි සහ ඈලි මෑලි ගතියක් හට ගනී. ජලය පානය තුළින් ඔයාගේ මනසට උත්තතේජනයක් ලැබෙනවා.

ඉතින් උදෑසන අවදි වීමෙන් පසු පිරිසිදු වතුර වීදුරැවක් පානය කිරීම තුළින් මුළු දවසම කාර්යශූරව ගත කරන්න ඔයාට පුළුවන්.

4. දිදුළන සමක් හිමි වීම.

ඔයාගේ සමෙත් වැඩිපුර කුරුළෑ, දද සහ බිබිළි තිබෙනවා නම් ඒවායින් මිදෙන්න අවශ්‍ය නම් වැඩිපුර ජලය පානය කරන්න. ඒ තුළින් නිරෝගී නිකළැල් සිරුරක් හිමි කර ගන්න ඔයාට පුලුවන්.

ජලය පානය නිසා ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු වීමෙන් සිරැරට පිටතින් පැමිණෙන බැක්ටීරියාවන් සමග ජලය සටන් වදී.

5. බොහෝ ලෙඩ රෝග වලින් ඉවත් වීමට හැකි වීම.

ජලය පානය තුලින් සෞඛ්‍ය ගැටලු ගණනාවකින්ම ඔයාට ඉවත් වන් පුළුවන්.

මල බද්ධය –  ජලය වැඩිපුර පානය කිරීමෙන් මල බද්දයෙන් බැහැර වීමට ඔබට පුළුවන්.

පිළිකාව- ජලය වැඩි පුර පානය කිරීමෙන් මහාන්ත්‍රිකය, ගුදය ආශ්‍රිත පිළිකාවෙන් මිදෙන්න පුලුවන්.

6. රැධිර සංසරණය වර්ධනය කරයි.

උදෑසන වතුර වීදුරුවක් පානය තුලින් රැධිර සංසරනය වර්ධනය වී ශරීරය නීරෝගී කරයි.

7. වේදනාවන්ට සහනය ලබා දේ

උදෑසන වතුර වීදුරැවක් පානය මගින් හිසරදය සහ අනෙකුත් වේදනාවන්ටද සහනය ලබා දේ.

8. වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

ජලය පානය කිරීමෙන් වකුගඩු පිරිසිදු කර ඒහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර ඔයාගේ සිරුරේ සීනි මට්ටම පාලනයටද උපකාරී වෙනවා.

ඉතින් ඔයාටත් කාර්යබහුලත්වය නිසා පොඩි පොඩි දේවල් මග ඇරෙන්න පුලුවන්. ඒත් ඔයාගේ ශරීරයේ නිරෝගීතාවය වෙනුවෙන්  ජලය පානය කරන එක නම් අමතක කරන්න හදන්න එපා. අනෙකුත් පැණි බීම පානයෙන් අත්මිදී පිරිසිදු ජලය පානය කරන්නට නිරන්තරව උත්සහ ගන්න. නිරෝගී දිවියක් උරුම කර ගන්න ඔයාට පුළුවන්.

තිළිණි සකුන්තලා හෙන්නායක

වෙනත් ලිපි – ඔසප් කාලයට භාවිතා කරන්න පුළුවන් සනීපාරක්ෂක ක්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *