ලෝකය පුරා ම සංචාරක කර්මාන්තය වැඩි ආකර්ශනයක් සහිත ක්ෂේත්‍රයක් බව නොරහසක්. මේ සංචාරක කර්මාන්තය තුළ වැඩි තැනක් ගන්නේ සංචාරකයා. මේ පිරිස අතරින් කාන්තාවන් මේ වන විට තනිවම, සමීපතමයින් මෙන් ම කණ්ඩායම් සමඟ සංචාරයේ යෙදෙන බව සුලභ ව දක්නට ලැබෙන්නක්. සිය විනෝදය හා රැකියාව පිණිස යන්නන් මෙහි හදුනාගත හැකියි. කාන්තාවන්ට සංචාරයන් හීදී වූ අනතුරු වශයෙන් 26 හැවිරිදි ජර්මානු කාන්තාව තායිලන්තයේදී ඝාතනයට ලක්විම. ස්කැන්ඩිනේවියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් මොරොක්කෝවේදී හිස ගසා මරා දැමීම හදුනාගත හැකියි.

මෙහිදී කාන්තාවන් ගමන් ගන්නා වීදිවල ආරක්ෂාව, හිතාමතා කාන්තා ඝාතන සිදුවීම, වෙනත් අයගෙන් වන ලිංගික හිංසන, සමීප සගයින්ගෙන් වන ලිංගික හිංසන, රටින් රටට පවතින නීතිමය වෙනස්කම්, ගෝලීය වශයෙන් පවත්නා වූ ස්ත්‍රී/පුරුෂ පරතරය, අසමානතාව, සහ කාන්තාවන්ගේ ආකල්පවලට එරෙහි හිංසනයන් නිසා කාන්තාවන්ට සංචාරකයින් ලෙස ගමන් ගැනීමට බාධක පවතින බව මාධ්‍යකරුවන් වන Asher සහ Lyric Fergusson පෙන්වා දෙන්නේ මේ සම්බන්ධ ව කළ අධ්‍යනයක නිගමන ලෙසයි.

මේ සොයාබැලීම ලෝකයේ සංචාරය කරන කාන්තාවන්ට වඩාත් ම අනතුරුදායක රටවල් ගැනයි.මෙය සමීක්ෂණයක හෙළිදරව්වකි.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. දකුණු අප්‍රිකාව

තනිවම සංචාරය කරන කාන්තාවන්ට අනතුරුදායක ම රට විදියට සැලකෙන්නේ මේ රටයි. මේ රට ලිංගික හිංසනයන්ට වඩාත් ප්‍රචලිතයි. එම රටේ කාන්තාවන්ගෙන් 40% කට වැඩි ප්‍රමාණයක් සිය ජීවිත කාලය තුළ දී දුෂණයට ලක්වන බව තහවුරු වෙලා තියෙනවා. රාත්‍රී තනිවම ඇවිදීමට හුදෙක් ම ආරක්ෂිත නොවන බව මෙහිදී සොයාගෙන ඇති අතර එම රට තුළ වෙසෙන කාන්තාවන් පවා එයට සෘණාත්මක ප්‍රතිචාරයන් දක්වා තියෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 25%ක්. ඒ වගේම කාන්තාවන්ට එරෙහිව චේතනාන්විත මිනීමැරුම් සම්බන්ධයෙන් මේ රට ඉදිරියෙන් සිටීමින් මේ වන විට දර්ශකයන්ගේ F අගය හිමි කරගෙන තිබෙන බව සඳහන්.

2. බ්‍රසීලය

මේ රට තුළ කාන්තාවන්ට රාත්‍රී සැරිසැරීමේ නිදහස ඇතැයි පවසන ප්‍රතිශතය 28% වැනි අඩු අගයක්. කාන්තාවන්ට එරෙහිව චේතනාන්විත මිනීමැරුම් සම්බන්ධයෙන් තෙවන ස්ථානයේ සිටින්නේ මේ රට යි. මේ රට තුළ සමීප සගයින් අතින් වූ හිරිහැර නිසා ලිංගික හිංසනයට ගොදුරුවීම් 36.9% ක අගයක් ගෙන තිබෙනවා.

3. රුසියාව

කාන්තාවන්ට එරෙහිව චේතනාන්විත මිනීමැරුම් සම්බන්ධයෙන් දෙවන ස්ථානයේ සිටින්නේ මේ රටයි. පුරුෂයින්ට සමාන ව සමාජ හා අර්ථිකය යන අංශයන්ට නීති හා සීමා පනවා ඇති රටක් ලෙස මෙය ප්‍රසිද්ධයි. සංචාරයේදී නීති දැඩි ලෙස ක්‍රියාත්මකයි.

4. මෙක්සිකෝව

රාත්‍රියේ ආරක්ෂිතභාවය පිළිබඳ තහවුරු කර ඇත්තේ 33% කි. කාන්තාවන්ට එරෙහිව චේතනාන්විත මිනීමැරුම් සම්බන්ධයෙන් ලෝකයේ සිව්වන තැනත් මෙරට කාන්තාවන්ගෙන් 16% ක් පමණ බාහිර පුද්ගලයින් අතින් දූෂණයට ලක්වන බව අනාවරණය ව ඇත.

5. ඉරානය

මේ රට ස්ත්‍රී – පුරුෂ පරතර ඇති රටවල් අතර අංක 1 සිටී. ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනය ආදියේ නියැලීම තුළ අවම ඉඩක් කාන්තාවන්ට ඇති අතර නීතිමය ප්‍රතිසංස්කරණ කාන්තාවන්ගේ නිදහසට එරෙහි ඒවවීම කැපී පෙනේ.

6. ඩොමිනිකන් ජනරජය

කාන්තාවන්ට එරෙහිව චේතනාන්විත මිනීමැරුම් සම්බන්ධයෙන් පස්වන තැන සිටින අතර, රාත්‍රියේ ආරක්ෂිතභාවය පිළිබඳ තහවුරු කර ඇත්තේ 33% කි. ශ්‍රම වෙළෙඳපොල තුළ ස්ත්‍රී පුරුෂ අසමානතාව ඉහළම තැනක පවතින රටක් ලෙස මෙය සැලකේ.

7. ඊජිප්ත්තුව

ස්ත්‍රී – පුරුෂ පරතරය හා අසමානතාව පවතින රටකි. 39% ක් කාන්තාවන්ට පහරදීම සාධාරණීකරණය කර ඇත. 47% රාත්‍රී ගමන් ආරක්ෂිත බව දක්වා ඇත. ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනය ආදියේ නියැලීම තුළ අවම ඉඩක් කාන්තාවන්ට ඇති අතර නීතිමය ප්‍රතිසංස්කරණ කාන්තාවන්ගේ නිදහසට එරෙහි වීම කැපී පෙනේ.

8. මොරොක්කෝව

එම රට තුළ තම සහකරුවන්ගෙන් ශාරීරික හා ලිංගික හිංසනයන්ට ලක්වන ප්‍රමාණය 45% කි. ඒ වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් 36% කි. මේ රට කාන්තාවන්ට එරෙහි ව නීති දැඩි ලෙස ගෙන යයි.

9. ඉන්දියාව

සමීපතමිනයින්ගේ හිංසාවන් බහුලව වන රටකි. 37% ක් එසේ ප්‍රචණ්ඩකාරී වෙති. 45% ක් පමණ මෙරට තුළ කාන්තාවන් පහරදීම්වලට ලක්වන බව දක්වා ඇත. එසේම මෙම රට ශරීර අංග ජාවාරමට ඉහළ තැනක් සිටී.

10. තායිලන්තය

44% ක් පමණ වූ කාන්තාවන් සමීපතමයින් නිසා අඩන්තේට්ටම්වලට ලක්වෙති. 61%ක් පමණ වූ පිරිසක් කාන්තාවන්ට එරෙහි ව හිංසනය වන බවට සාක්ෂි සපයා දී ඇත.

මේ කියවන ඔබට එසේ නම් කාන්තාවන්ගේ සංචරණය සඳහා සුරක්ෂිතම රටවල් වන්නේ මොනවාද යන පැනය මතු වනු ඇත.

මේ සුරක්ෂිත ම සංචාරක ගමනාන්තයන්

  • ස්පාඤ්ඤය
  • සිංගප්පූරුව
  • අයර්ලන්තය
  • ඔස්ට්‍රියාව
  • ස්විස්ටර්ලන්තය
  • නෝර්වේ
  • පෘතුගාලය
  • ක්‍රොඒෂියාව
  • කැනඩාව
  • පෝලන්තය

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ලංකාවේ කෑම්පින් කරන්න හොඳම කඳු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *