ගෑස් අපෙ ජීවිතේට නැතිවම බැරි දෙයක් ,මේ කියන්නේ කාට හරි ගෑස් පෙන්වන එක නෙවෙයි, ඔයාගෙ මුලුතැන්ගෙයි තියෙන ගෑස් ගැන. මේ කාලෙ මේ ගැන විවිධ කතා මේ ගෑස් ගැනයි, ගෑස් පාවිච්චියේදී සැලකිලිමත් විය යුතු දේවල් ගැනයි දැනගත්තොත් හොදයි නේද.

මේ සොයාබැලීම ඒ ගැනයි.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න !

මොනවද මේ ගෑස් කියන්නේ ?

“ස්වාභාවික වායුව” යන්නට ප්‍රොපේන්, බියුටේන්, එතනෝල් සහ මීතේන් ඇතුළු වායූන් වර්ග කිහිපයක් ඇතුළත් වේ. ප්‍රොපේන් මෙම අනෙකුත් වායූන්ගෙන් වෙන් කර නේවාසික සහ වාණිජ භාවිතය සඳහා විකුණනු ලැබේ. එය ස්වභාවිකව ගන්ධ රහිත සහ අවර්ණ වන අතර ගෑස් කාන්දුවක් සිදු වූ විට මිනිසුන්ට එය හඳුනා ගත හැකි වන පරිදි ගන්ධයක් එකතු කර ඇත. ප්‍රොපේන් ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා ද්‍රව තත්වයකට පීඩනය යෙදෙන අතර එම නිසා “ද්‍රවීකරණය කරන ලද ප්‍රොපේන්” හෝ LP ලෙස හැඳින්වේ.

මෙම පීඩනය හේතුවෙන්, ද්‍රවීකරණය කරන ලද ප්‍රොපේන් කුඩා විසර්ජනයක් පවා ගිනිගැනීමේ හෝ පිපිරීමේ බරපතල අනතුරක් ඇති කරයි. ස්වාභාවික වායුව මූලික වශයෙන් නිවාස සහ ව්‍යාපාර උණුසුම් කිරීමට සහ එළිමහන් විනෝදාස්වාද අරමුණු සඳහා පිරිවැය වැසි ඵලදායී ක්‍රමයක් ලෙස බහුලව භාවිතා වන අතර, ප්‍රොපේන් වායුවේ බොහෝ අනතුරුදායක තත්ත්වයන්ද පවතී. තවද, අවාසනාවකට මෙන්, මෙම අනතුරු සැලකිය යුතු පිලිස්සුම් තුවාල වලට හේතු විය හැකි අතර තුවාල වූ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිරි කාලයට ම බලපෑම් කිරීමේ හැකියාවක් ඇත.

ගෑස් එක ගිනි ගැනීමකදී කුමක් කළ යුතුද?

  • ගෑස් ලීක් වීමෙන් පසු සිලින්ඩරය ගිනි ඇවිලුණහොත් ගෑස් සිලින්ඩරය පෙරළා නොගන්න. පෙරලුනොහොත් ද්‍රව ගෑස් එළියට විත් පිපිරීමක් සමඟ ගින්නක් නිකුත් විය හැකියි .
  • ඉතා ඉක්මනින් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා ඇති ලෙස ම ඉවත් කරන්න.
  • ගෑස් සිලින්ඩරෙත් සමග කුස්සිය ගිනි අරගෙන නම් නිවන්න මහන්සි නොගන්න.
  • පිපිරීමක් විය හැකි නිසා ,ගිනි නිවීමේ අංශය, පොලිසිය අමතන්න.
  • ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ නොකරන්න.
  • සිලින්ඩරය එළියට ගෙන තෙත් බරිත ගෝනියක් ගෙන සිලින්ඩරය වැසෙන සේ දමන්න.
  • නැතිනම් ගිනි නිවීමේ අංශයට දැනුම් දෙන්න.
  • මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.
  • දුම්බීමෙන් හා දුරකථනයෙන් මේ මොහෙතේ පුලුවන් තරම් ඈත් වන්න.

ගෑස් කාන්දුවක් නම් ?

  • ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයක්.
  • ගෑස් කාන්දුවකදී ජංගම දුරකතන භාවිත නොකරන්නට වග බලා ගන්න .
  • ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක ස්විචයක් “ක්‍රියාත්ම ” කිරීමෙන් හෝ ” ක්‍රියා විරහිත ” කිරීමෙන් වැළකිය යුතුය.
  • කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය.
  • ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති කිසිම වාහනයක් පණ ගැන්වීමක් නොකළ යුතුය .
  • දොර ජනෙල් විවර කිරීමෙන් පමණක් මගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් විරහිත කළ යුතු ය.
  • ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීමයි.

ගෑස් භාවිතයේ නිවැරැදි පිළිවෙත්

  • මුළුතැන්ගෙයි හදිසියකදී පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තබන්න.
  • ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ප්‍රමිතියකින් විය යුතුය .
  • ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘත කර තබන්න.( එවිට ගෑස් ගන්ධයක් නොඒ නම් ගැටලුවක් නොවේ.)
  • ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක ( දුරකතන භාවිතාව )නොකිරීම වැදගත් ය. ඉලෙක්ට්‍රොනික උපාංග ගින්නක් ඇතිකිරීමට හේතු විය හැක.
  • ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දය එන සේ කරකැවිය යුතු ය.
  • ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා ගිනි පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන්. එම ගිනි පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් ගලා ඒම විය හැකි ය. එසේ පිටවන ගෑස් ලිප වටා එකතු විය හැකියි.මෙසේ කීප වරක් උත්සාහ කර ලිප දැල්වීමට යනවිට ලිප වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් ඇත.එබැවින් ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය.
  • ගෑස් ලිප භාවිතයේදී හිසකෙස් ලිහිල්ව තබා නොගත යුතුය .
  • හැඳ සිටින ඇදුමේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය.
  • ගෑස් බටය සෘජුවිය යුතුය, තැනින් තැන නොනැමිය යුතුය.

සියල්ලටම පෙර මේ සියලු දේ ගැන සැලකිලිමත් වෙමු . ඉතා කුඩා අතපසුවීමකින් ඔබට බොහෝ දේ අහිමි වී යා හැකියි .

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ගර්භනී මවක් වෙන්න කලින් අනිවාර්යෙන් මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *