වෛරසයක් වසංගත ලෙස හැඳින්වීමට ඇත්තේ එක් කෙටි නිවේදනයක් පමණි. එය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)යි. බොහෝ ෆෙඩරල් ආණ්ඩු COVID-19 වසංගතයක් ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළද, බොහෝ සෞඛ්‍ය විශේෂඥයින් සහ විශ්ලේෂකයින් පවසන්නේ මෙය වසංගතයක් ම බවයි.

තවමත් කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර දිනකට නව ආසාදන සිය ගණනක් වාර්තා වේ. බොහෝ අය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගනිමින් සිටින අතර බොහෝ දෙනා ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරති. සමහරු මෙය ඉතිහාසයේ දරුණුතම වසංගතයක් ලෙස ලේබල් කිරීමට ඉක්මන් වෙති. කැනේඩියානු හමුදාව පවා වසංගත ප්‍රකාශයක් සඳහා පූර්ව සැලසුම් කරමින් සිටියහ. සමහර විද්‍යාඥයන් පවසන්නේ වෛරසය දැනටමත් විකෘති වී ඇති බවත්, එබැවින් දැනට සංවර්ධනය වෙමින් පවතින එන්නත් නව වසංගතයට එරෙහිව සටන් කිරීමට තරම් ඵලදායී නොවිය හැකි බවත්ය.

මෙය ඉතිහාසයේ දරුණුතම වසංගතය බවට අතිශයෝක්තියෙන් කතා කිරීමටත් පෙර, පෙර වසංගතවල පසුබිම සොයා බැලීම වැදගත් වේ. මෙම සිදුවීම්වල බරපතලකම ඔබ අවබෝධ කරගත් විට, කොරෝනා වයිරසය සන්සන්දනාත්මකව ඉතා සුලු වන බව ඔබට වැටහෙනු ඇත .

ඉතිහාසයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වූ වසංගත ගැනයි මේ අවධානය.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. The Black Death (1346 to 1353) – 200 million dead

මෙම වසංගතය තුළ වැඩිම මරණ අනුපාතය වාර්තා විය. ඒ වන විට ජනගහනයෙන් හතරෙන් එකක් අතුගා දමන්නට මීට හැකිව ඇත. මේ පිළිබඳ බොහෝ ග්‍රන්ථ, සිනමා නිර්මාණ සහ මිථ්‍යාවන් ඇති අතර, පර්යේෂකයන් පිළිගන්නේ එය වෙළඳ නැව්වල මීයන් මත ජීවත් වූ මැක්කන්ගෙන් බෝ වන්නට ඇතිය යනුවෙනි. මෙය වසංගතය මහාද්වීප තුනක් විනාශ කළ බවට සඳහන්.

2. The Hong Kong Flu (1968) – 1 million dead

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කුඩා රෝග රැසකට හේතුවන අතර වඩා වැඩි පිරිසක් මිය යාමට හේතුවිය. 1968 දී හොංකොං හි දෙවන වර්ගයේ උණ වසංගතයක් ඇති වූ අතර පසුව දින කිහිපයක් ඇතුළත සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය දක්වා පවා පැතිර ගියේය.

එය මුලින්ම අඩු මරණ අනුපාතිකයක් (0.5%) පමණ වාර්තා කර ඇත, නමුත් මෙය මිලියනයක් තරම් මිනිසුන් මරා දැමූ ඉතිහාසයේ දරුණුතම වසංගතවලින් එකක් බවට පත් විය. එය හොංකොං ජනගහනයෙන් සියයට 15කට ආසාදනය වූ බව සටහන් වේ.

3. HIV/AIDS (2005 to 2012) – 36 million dead

HIV/AIDS වසංගතය 1960 ගණන්වල සිට පැවතුනද, එය අප්‍රිකාව පුරා 2005 සහ 2012 අතර උච්චතම අවස්ථාවට පත් විය. එය ආසන්න වශයෙන් මිලියන 36 ක ජනතාවක් ගිල ගත් අතර, මෙම රෝගය උප සහරා අප්‍රිකානු ජනගහනයෙන් 5% කට ආසාදනය ව ඇත .

මෙම පරම්පරාගත ගැටලුව විසඳීම සඳහා ගෝලීය වෛද්‍ය කර්මාන්තය විශාල ප්‍රයත්නයක් දරයි.

4. Antonine Plague (165 AD) – 5 million dead

රෝම අධිරාජ්‍යයේ අභාවය ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 165 දී ඇන්ටනීන් වසංගතය හේතුවෙන් මිලියන පහක පමණ ජනතාවක් මිය ගිය අවස්ථාවේ සිටයි. එම අර්බුදයට හේතු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත, වසූරිය හෝ සරම්ප තත්ත්වයක් ආසියාව, ඊජිප්තුව, ග්‍රීසිය සහ ඉතාලිය පුරා පැතිර ගියේය. මෙම වසංගතය අවසානයේ හමුදාව විසින් ආරක්ෂිත ව විනාශ කරනු ලැබ ඇත.

5. The Spanish Flu (1918) – 50 million dead

ස්පාඤ්ඤ උණ H1N1 ඉන්ෆ්ලුවෙන්සා හා සම්බන්ධ ය. මෙම තත්ත්වය මාරාන්තික සහ ඓතිහාසික එකක් බවට පත් කළේ 1900 සිට H1 වෛරසයක් මිනිසුන් අතර සංසරණය වීමයි. එම කාලය තුළ එය 1918 වසංගතයට පෙර ආ කුරුළු උණ වෛරසයකින් ද ජානමය වශයෙන් සම්බන්ධ ව ඇත. ස්පාඤ්ඤ උණ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය සමඟ දරුණු ඉරණමක් අත් කර දෙන ලදී.

6. The Plague of Justinian (541) – 25 million dead

ක්‍රි.ව 541 දී ජස්ටිනියන් වසංගතය ඔබට මතකද? කෙසේවත් අපි ජීවත් ව සිටින්නට ඇති ද? නමුත් ඓතිහාසික වාර්තා සටහන් කරන්නේ මෙම වසංගතය නිසා බයිසැන්තියානු අධිරාජ්‍යය සහ මධ්‍යධරණී මුහුද හරහා ගොස් මිලියන 25 ක් පමණ මිනිසුන්ට මරණය අත් කර දී ඇත. එය කොන්ස්ටන්ටිනෝපල් සහ වරාය නගර ද විනාශ කළ අතර දිනකට මිනිසුන් 5,000 ක් පමණ මිය ගොස් ඇත.

7. H1N1 (2009) – 203,000 dead

H1N1 උණ 2009 දී බොහෝ දෙනා සිතූ තරම් විනාශකාරී නොවීය. දශකයකට වැඩි කාලයකට පෙර සූකර උණ ලෝකයට පාඩම් උගන්වන්නට යෙදිණි. මෙය ඉතිහාසයේ දරුණුතම වසංගතයක් ලෙස නිර්වචනය කර ඇත්තේ ලොව පුරා සිටින සෑම කෙනෙකුම සදාකාලික භීතියකින්, නිවසින් පිටවීම පවා ප්‍රතික්ෂේප කළ හේතුවෙනි.

8.Encephalitis Lethargica Pandemic (1915 to 1926) – 1.5 million dead

විද්‍යා ප්‍රබන්ධ නවකතාවකින් එන්නක් ලෙස මෙය පෙනුනද එන්සෙෆලයිටිස් ලෙතර්ජිකා යනු නූතන ඉතිහාසයේ දරුණුතම රෝගවලින් එකකි. ප්‍රධාන වශයෙන් එහි භයානක බලපෑම් බොහෝ ය. නිදාගැනීමේ රෝගය ලෙසද හැඳින්වෙන මෙම රෝගය මොළයට බලපෑම් කළ අතර බොහෝ අයට මානසික ක්‍රියාවලිය අහිමි ව ඇත.

මිලියන පහක පමණ ජනතාවක් මෙය වැළදී බවට හඳුනාගෙන ඇති අතර ඉන් තුනෙන් එකක් පමණ මිය ගිය බව ගණන් බලා ඇත. දිවි ගලවා ගත් රෝගීන්ට ඔවුන්ගේ පෙර පැවති තත්වයට ආපසු යාමට නොහැකි විය. වාසනාවකට මෙන්, අප ද නැවත කිසි දිනෙක මෙම රෝගය දැක නැත.

කොවිඩ් වයිරසය ඉතිහාසයේ දරුණුතම වසංගතය ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ටික කලක් ගත විය හැකිය. සෑම දෙයක්ම සිදුව අවසන් වන විට සමහරවිට දරුණුතම වෛරසය පළමු දස දෙනා අතරට නොපැමිණීමට ඉඩ ඇත, නමුත් අපි අවශ්‍ය පූර්වාරක්ෂාවන් සහ මූලික සනීපාරක්ෂාව ප්‍රගුණ නොකළහොත් ඊටත් වඩා බරපතල රෝග ඕනෑම වේලාවක සිදුවීම නොවැළැක්විය හැකි බව මෙහිදී මනසින් සිතා බැලිය යුතුය.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – Life එකට Diary එකක් තියාගමුද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *