මේ වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. වකුගඩු වල මූලික කාර්යය තමයි ශරීරය තුල පෙරණයක් විදියට ක්‍රියා කරන එක. මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා. සාමාන්‍යයෙන් මුල් අවධියේදී වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ නොමැත. වෙනත් හේතුවක් සඳහා රුධිරය හෝ මුත්‍රා පරීක්ෂණ සිදු කිරීමෙන් පමණක්, ඔබගේ වකුගඩුවල ඇතිවිය හැකි ගැටළු හඳුනා ගත හැකිය.
එය වඩාත් ඉහල අදියරකට පැමිණි පසු පහත සඳහන් රෝග ලක්ෂණ දැකිය හැක, අද මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන..
1. නින්ද නොයාම

ශරීරයේ එකතුවන විශ ද්‍රව්‍ය වකුගඩු තුළින් පෙරා හැරීමට නොහැකි වූ විට ශරීරයේ විෂ එක් රැස් වීම සිදුවන නිසා නින්ද නොයාම සිදුවේ. නමුදු නින්ද නොයාමටද තවත් බොහෝ කරුණු කාරණා බලපෑ හැකිය.
2. නිතර නිතර මුත්‍ර පිට කරන්න අවශ්‍ය වීම
සීතල දවස් වලට අපට මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම වැස්ස දවසට, වැඩිපුර වතුර බීපුවම ඇතිවන මුත්‍රා බර ගැන නෙමෙයි මේ කියන්න යන්නේ.
නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම හා විශේෂයෙන් රාත්‍රියේ මුත්‍රා පිට කිරීමට සිදුවීම වකුගඩු ආශ්රිත රෝග තත්ත්වයන් ඇති බව හැඟවීමේ රෝග ලක්ෂණයන්ය. මේ තත්වය ඇතිවන්නේ වකුගඩුවේ. මුත්‍රා පෙරීම සිදුකරන කොටස් වලට හානි ඇති වූ විටකය. එනම් එවිට මුත්රාශයට පෙරා හැරෙන මුත්‍ර ප්‍රමාණය වැඩිවිය හැකිය. මෙම රෝග ලක්ෂණය වකුගඩු රෝගය ඇතිවූ විටක පමණක් නොව මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයකදී වුවද ඇතිවිය හැකිය.
3. ආහාර අරුචිය, ඔක්කාරය,වමනය

වකුගඩු ආශ්‍රිතව රෝග තත්ත්වයක් ඇති වූ විටක වමනය , ආහාර අරුචිය වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකිය. එනම් මෙම රෝග තත්වයන් ඇති වන්නේ රුධිර ගත විෂ ඉවත් නොවී එක් රැස් වූ විටය. කෙසේ නමුත් සාමන්‍ය උදරගත රෝගී අවස්ථාවකද මෙම තත්වය ඇතිවිය හැකිය.
4. මුත්‍ර වලින් ලේ පිටවීම

අපිරිසිදු වතුර පෙරන මැෂින් එකක් වගේ වකුගඩු අපේ ශරීරයේ වැඩ කරන්නෙ. මේ මගින් විෂබීජ ජලය එක්ක මිශ්‍ර කරල පිට කරනවා. නීරෝගී වකුගඩු මගින් අතිරික්ත ජලය පෙරීම සිදුකරන අතර රුධිරය ශරීරයේ ගබඩා කිරීම සිදුකරයි. කිසිවිටකත් රුධිරය මුත්‍ර සමඟ පිට කිරීම සිදු නොකරයි. යම් හෙයකින් රුධිරය පිට වීම සිදු වන්නේ නම් ඒ වකුගඩු වලට හානි වූ විටකය. මෙම රෝග ලක්ෂණය වකුගඩු ආශ්රිත ගල් හා මුත්‍රාශයේ ගැටිති ඇතිවීම මගින් ද සිදුවිය හැකිය.
ඒ නිසා තව තවත් වකුගඩු ඩැමේජ් වෙන්න නොදී වහාම වෛද්‍යවරයකු වෙත යන්න කියල මතක් කරන්න කැමතියි.
5. මුත්‍ර වල පෙණ ගතිය වැඩිවීම

අපි දන්නව සාමාන්‍යයෙන් මුත්‍රා පිට කරාම පොඩි පෙණ ගතියක් තියෙනවා. ඒක ක්ෂණිකව නැති වෙනවා. වකුගඩු වල පෙරීම නිසි ආකාරව සිදු නොවන විට මුත්රාවල පෙණ ස්භාවයක් ඇතිවේ. එනම් හානි වූ වකුගඩු මගින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිට කිරීම මෙම පෙණ ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍ය වරුන් සඳහන් කර තිබේ.
6. නිතර සම කසන්නට වීම සහ සමේ වියළි බව

ශරිරයේ අතිරික්ත ජලය ඉවත් කිරීම මෙන්ම අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කර රතු රුධිර සෛල නිපදවීම වකුගඩු මගින් සිදුකරන ප්‍රධාන කාර්යයන් වන අතර වකුගඩු රෝගී වූ විට මෙම කාර්යයන් ඉටු කිරීමට නොහැකිවේ. එනම් ශරීරයට විෂ පිට කිරීමට නොහැකි නිසා ශරීරයේ විෂ එක් රැස් වීමක් සිදුවේ. මේ නිසා සමෙහි කැසීම් හා පලු දැමීම සිදුවේ.
7. කකුල් ඉදිමීම

ඔයාගේ බර වැඩි නම් කකුල් ඉදිමෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා දවසෙම හිටගෙන සිටීම වගේම, ඉඳගෙන සිටීමත් හේතුවක් වෙන්න පුලුවන් ඔයාගෙ කකුල් ඉදිමෙන්න.
වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක වන විට ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීම සඳහා අයන ප්‍රමාණයක් ශරීරය තුළ රඳවා ගැනීම සිදුකරයි. නමුත් වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවුන විට අස්ථි සම්බන්ධවද ගැටළු ඇතිවිය හැකිය.
මීට අමතරව ශරීරයේ විෂ පිට නොවීම නිසා අත් , පා ,ඇස් මුහුණ ඉදමුම් තත්ත්වයන් දැක ගත හැකිය. එහෙම වෙලාවට අපිට කරල බලන්න පුලුවන් පොඩි ටෙස්ටි එකක් තියෙනවා. ඉදිමුම තියෙන තැන ඇඟිල්ලෙන් ඔබලා බලන්න. ඔබපු ගමන් වතුර යටට දැම්ම ප්ලාස්ටික් බෝලයක් වගේ ක්ෂණිකව උඩට එන්නෙ නැතිව එබී ගෙනම තියෙනව නම් මේ ලක්ෂණයත් ඔයාගෙ වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුලුවන්.
8. කට ගඳ ගැසීම

නිසි විදියට දත් මැද්දේ නැතිනම් මේ තත්වය ඇතිවීම සාමාන්‍ය දෙයක්. අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීමත් කට ගඳ ගහන්න හේතුවක් වෙන්න පුලුවන්.
මේ කිසිම හේතුවක් නැතිව ඔයාගෙ කට අධිකව ගඳ ගහනව නම් අවුලක් තියෙනවා. අධික සැර ගතියකින්, දිව කාරවල යන විදියට එන ගඳක් වගේම ඔයාගෙ කටට ඇමෝනියා රස වැනි රසයක් නිතර නිතර දැනෙනව නම් ඒ වාගේම යකඩයක් කෑවම දැනෙන මළකඩ රසයක් ඔයාගෙ කටට දැනෙනව නම් මේ ඔයාගෙ කට මළකඩ කාල කියල හිත හදාගන්න පුලුවන් තත්වයක් නෙමෙයි. ඔන්න රජෝ ඔයාගෙ වකුගඩුවල අවුලක් තියෙනව කියන ඉඟි කිරීම තමයි මේ කරන්නෙ කියල අපි තේරුම් ගන්න ඕනි.
9. අධික මහන්සිය හා අප්‍රාණික බවක් දැනීම

එනම් වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මගින් රුධිරයේ විෂ ඉවත් කිරීමට නොහැකි වීමත් නව රතු රුධිර සෛල නිපදවීමට නොහැකි වීමත් නිසා රක්තහීනතාවය වැනි රෝග තත්ත්වයන් ඇතිවීම සිදුවේ. එවිට අධික මහන්සිය දැනීම හා ශරීරය ප්‍රාණවත් බවක් නොමැතිවීම වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය.
10. ආහාරවල ලෝහමය රසයක් දැනීම
වකුගඩු නිසිලෙස ක්‍රියාත්මක නොවන විටක ආහාරවල විශේෂයෙන්ම මාංශමය ආහාර වල ලෝහමය රසයක් දැනිය හැකිය. එනම් හානිවු වකුගඩු ඇති විටක හුස්ම ගැනීමේදී ඇමෝනියා සුවඳක් වහනය වීම සිදුවේ. එවිට අප ගනු ලබන ආහාරවල ලෝහමය රසයක් දැනීම සිදුවිය හැකිය. එමෙන්ම ඉන් ආහාර ගැනීම අවම වී සිරුර කෘශ වීමද සිදුවේ.
වෙනත් ලිපි – ශරීර උෂ්ණත්වය අඩු කරගන්න හොඳම ආහාර