පවතින ආර්ථික අර්බුදය හමුවේ අද වෙනකොට දිනපතා විදුලිය කප්පාදු කරන එක සාමන්‍ය සිදුවීමක් බවට පත් වෙලා ඉවරයි. ඒ විතරක්ද විදුලි බිල දැන් එන්නේ ඉස්සර අපු බිලටත් වඩා වැඩියෙන්.
මෙත් එක්කම විදුලි බල මණ්ඩලය මෙන්ම, මහජන උපයෝගීතා කොමිසම විසින්ද ජනතාවගෙන් දිනපතා ඉල්ලා සිටින්නේ , විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා.
ඉතින් අද අපි ගෙන්න හිතුවේ කොහොමද විදුලිය අරපිරිමසින්නේ කියලා. එක රටට වගේම තමන්ගේ සාක්කුවටත් ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අපි තීරණය කලා ඔයාලගෙ විදුලි බිල අඩුකරන ටිප්ස් ගැන කතා කරන්න.
1. අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න

නිවසේ පවතින සෑම අනවශ්‍ය විදුලි පහනක්ම නිවා දැමීම තුළින් ඔබට බලශක්ති අර්බුදයට මුහුණ දීම ට හැකියාවක් පවති. වෙනදා අනවශ්‍ය ලෙස නිවස පුරා දල්වා තිබූ විදුලි පහන් නිවා දැමීමෙන් හා කිසිවෙකු නොමැති ස්ථානයෙන්හි විදුලි පහන් නිවා දැමීමෙන් මෙන්ම කාමරයෙන් කුස්සියෙන් හෝ වේවා වෙන යම් තැනකින් ඔබ නික්මෙන විට අමතක නොකර විදුලි පහන් නිවීම තුළින් බලශක්තිය වැයවීම අවම වනවා පමණක් නොව පුද්ගලිකව ඔබට මූල්‍යමය වාසියක්ද හිමිවේ.
ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් වලට සමු දී LED බල්බ් වලට මාරු වෙන එක තමයි මුලින්ම අපි කරන්නම ඕනි.ගෙදරක සාලයේ, බාත්රූම් එකේ, කිචන් එකේ, කාමර වල වැඩිපුර වේලාවක් විදුලි බල්බ් දල්වලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ ස්ථාන වලටවත් අපි ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් පාවිච්චි කරන එක නවත්වන්න ඕනෙ.
මේවා පාවිච්චි කිරීම තුලින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා දීප්තියෙන් සමාන, අඩු වෝල්ට් ප්‍රමාණයක් වැය වෙන LED බල්බ් වලට මාරු වෙන එක වඩා හොඳයි.
2. බලශක්ති කාර්යක්ෂම උපකරණ වෙත මාරු වන්න

මෙහිදි අදහස් කරන්නේ ඔබ නිවසේ පවතින අධික ලෙස විදුලිය වැය වන උපකරණ භාවිතය අවම කොට බලශක්තිය අඩුවෙන් වැයවන උපකරණ භාවිතයට හුරුවන ලෙසයි. විශේෂයෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන ශීතකරණ හා බත් පිසින යන්ත්‍ර සඳහා වැඩි විදුලි ඒකක ගණනක් වැය වන අතර, ඊට අමතරව වතුර උණු කරන කේතල් හා හීටර් සඳහාද අනෙකුත් විදුලි උපකරණ වලට සාපේක්ෂව විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැයවේ.
මෙහිදි හැකියාවක් පවතී නම් පරණ ශීතකරණය වෙනුවට නව ඉන්වර්ටර් ශීතකරණයක් මිලදී ගන්නට, බත් පිසින උඳුන වෙනුවට පීඩන බඳුනක් භාවිතා කිරීමට මෙන්ම, ජලය උණු කරන විදුලි කේතලය භාවිතා කරන වාර ගණන අඩු කොට ඔබ භාවිතා කරන ගෑස් හෝ වෙනත් උඳුනක ජලය උණු කර ගැනීමට එය ඔබට සැලකිය යුතු වාසියක් අත් වෙනු ඇත.
3. භාවිත නොකර අවස්ථාවලදි විදුලි පරිපථ විසංධි කොට තබන්න

ඔබ නරඹන රූපවාහිණිය වේවා, ඔබේ ජංගම දුරකතනය හෝ පරිගණකයේ චාර්ජරය වේවා භාවිතා නොකරන සෑම අවස්ථාවකම විදුලි මෙනුවෙන් ගලවා තබන්නට උත්සාහ කරන්න.එමගින් අනවශ්‍ය ලෙස වැය වන විදුලිය ඉතිරි කර ගැනීමේ හැකියාවක් පවති.
හයි වොට් වැය වෙන ඉක්විප්මන්ට් සඳහා මල්ට් ප්ලග් පාවිච්චි කරන කොට ලූස් කනෙක්ෂන්, ස්පාක් නිසා නිතරම ඇම්පියර් ලොස්ට් වෙනවා. විදුලි බිල වැඩි වෙන්න මේකත් එක හේතුවක්. මේ නිසා හැකි තරම් මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.
හයි වොට් වැය වෙන ඉක්විප්මන්ට් සඳහා මල්ට් ප්ලග් පාවිච්චි කරන කොට ලූස් කනෙක්ෂන්, ස්පාක් නිසා නිතරම ඇම්පියර් ලොස්ට් වෙනවා. විදුලි බිල වැඩි වෙන්න මේකත් එක හේතුවක්. මේ නිසා හැකි තරම් මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.
4. AC මැනේජ්මන්ට්

අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනව AC එක 15 – 18 ක් අතර අඩු කරන්න. මේ නිසාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. නියමිත විදියට රූම් එක සීල් කරල තියෙනව නම් AC එකේ සෙටි පොයින්ට් එක 24. AC එකට වැය වෙන වොට් ප්‍රමාණයක් අනිවාර්යෙන් අඩු කරගන්න නම් සෙට් පොයින්ට් එකේ AC එක තියාගන්න වග බලා ගන්න.
ඒ වගෙම රූම් එක හොඳීන් සීල් කරන එකත් වැදගත්. තවත් කාරණයක් තමයි ඩස්ට් කවර් එක අනිවාර්යෙන් සති දෙකත් හතරත් අතර ක්ලීන් කර ගන්න. ඔන්ටයිම් සර්විස් එකක් කරන්නත් අමතක කරන්න එපා. මේ විදියට AC එක මැසේජ් කර ගත්තොත් විදුලි බිල අඩු රේන්ජ් එකක තියාගන්න පුලුවන් වෙනවා.
5. ලැප් එකට මාරු වෙන්න

ඩෙක්ස්ටොප් කොම්පියුටර් එකකට වැය වෙන වොට් ප්‍රමාණය ලැප් එකකට යන වොට් ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවා නම් අනිවාර්යෙන්ම ඩෙක්ස්ටොප් එක පාවිච්චිය අඩු කරල ලැප්ටොප් එකට මාරු වෙන්න.
6. රෙදි සොදා ගැනීම් හා මැද ගැනීම් එකවර කරන්න

එකවර රෙදි එකතුකර සෝදා ගැනීමෙන් හා සතියකට අවශ්‍ය රෙදි ප්‍රමාණය එකවර මැද ගැනීමෙන් ඔබට සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලිය පිරිමැසිය හැකිය.
7. සූර්යකෝෂ භාවිතයට යොමු වන්න

ලෝකයම මේ වන විට සූර්ය බල ශක්තිය සඳහා යොමුව ඇත. හැකියාවක් පවතී නම් ඔබ නිවසේ සූර්යය පැනලයක් සවිකරගෙන සූර්ය බලශක්තිය ලබා ගැනීමට යොමු වන්න, එය ඔබට අමතර ආදායම් මාර්ගයක්ද වනු ඇත.
ඉහත දැක්වෙන කරුණු කිහිපය ඔබේ එදිනෙදා ජීවිතය තුළ භාවිතයට ගැනීම තුළින් රටක් වශයෙන් මුහුණ දී සිටන අර්බුදය නිරාකරණය කර ගැනීමට දායක වීමට හැකියාව ලැබෙන අතර, පුද්ගලික වශයෙන් මූල්‍යමය වාසියක්ද අත් කර ගැනීමටද අවස්ථාව ලැබේ.
වෙනත් ලිපි – වරකා ජෑම් හදමුද?