මිනිසුන්ට විවිධ ඇබ්බැහි වීම් තිබෙනවා. ඇතැම් ඇබ්බැහි වීම් ඔවුන්ට යහපත් ප්‍රතිලාභ ලබාදෙන අතර අයහපත් ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහිවීම් ද ඕනෑ තරම් තිබෙනවා. මත්ද්‍රව්‍ය කියන්නෙත් මිනිස්සුන්ව විනාශ කරන අහිතකර ම ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහි වීමක්.

සමාජයේ බහුතරය සිතන්නේ මත්ද්‍රව්‍ය යනු අරක්කු, සිගරට්, ගංජා පමණයි බවයි. නමුත් මීට වඩා මිනිස් සිරුර නසන මත්ද්‍රව්‍ය ලෝකය තුළ පවතිනවා. මිනිසුන්ගේ නිරෝගී බව නසන මත්ද්‍රව්‍ය ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා.

1. ක්‍රිස්ටල් මෙත් (Crystal Meth)

මෙම මත්ද්‍රව්‍ය ලබා ගන්නා පුද්ගලයන් තමාට අසාමාන්‍ය බලයක්, ශක්තියක් ලැබෙන බව විශ්වාස කරයි. කල් යත්ම මුහුණ විරූපී වීම, දත් ඇටකටු දිරා යාම, අවයව විකෘති වීම මෙමඟින් සිදු වේ. මොළයට සිදුවන දැඩි හානිය නිසා ඉක්මනින් මරණය වෙත ළඟා වේ. “අයිස්” ලෙසත් මෙම මත්ද්‍රව්‍ය හැඳින්වෙනවා.

මෙත්ඇම්පෙටමීන් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මත්ද්‍රව්‍ය දෙවන ලෝක යුධ සමයේ දී සෙබළුන් අවදිව තැබීමට මෙය භාවිත කර තිබේ.

2. හෙරෝයින් (Heroin)

ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත වන මත්ද්‍රව්‍යයක් වේ. මෙය අතීතයේ දී වේදනා නාශකයක් ලෙස භාවිතයට ගෙන ඇත. නමුත් මෙය අධිමාත්‍රාවක් ලෙස ලබා ගනිමින් මිනිස් ජීවිත විනාශ කරන තත්ත්වයට පත් වූ විට ලොව පුරා තහනම් විය. හෙරෝයින්වලට ඇබ්බැහි වූවෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා වේගයෙන් දුර්වල වේ.

3. ස්කොපොලමීන් (Scopolamine)

යකාගේ හුස්ම ලෙසත් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වා දෙනවා. මෙම මත්ද්‍රව්‍ය තවත් කෙනෙක්ව පාලනය කරන්න බොහෝවිය යොදා ගන්නවා. කෙනෙකුගේ මුහුණට මෙම මත්ද්‍රව්‍ය ආඝ්‍රාණය කිරීමට සැලැස්සූ විට ඔහුගේ මතකය සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

මිනිමැරුම්, මංකොල්ලකෑම්, ලිංගික අපරාධ කිරීමට මෙය භාවිත කරන බවට ප්‍රචලිතයි. අතීතයේ දී ඖෂධයක් ලෙස සැළකුණත් අද වෙනකොට අති භයානක මත්ද්‍රව්‍යයක් බවට ස්කොපොලමීන් පත්ව තිබේ.

4. වූන්ගා (Whoonga)

දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය වූ මෙම මත්ද්‍රව්‍යය අද වෙනකොට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. ඒඩ්ස් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වන Efavirenz යොදාගෙන මෙය නිර්මාණය කරන බව පැවසේ. සුළු මුදලකට ලබාගත හැකි නිසා බොහෝ පුද්ගලයන් මෙයට ඇබ්බැහි වී තිබේ. එක් වරක් භාවිත කළ අයෙකුට මෙයින් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැත. නින්ද අහිමිව යාම, උදරාබාධය, ප්‍රතිශක්තිය හීන වීම මෙහි අතුරු ප්‍රතිඵල වේ.

5. ක්‍රොකඩයිල් මෙත් (crocodile meth)

ලෝකයේ පවතින මත්ද්‍රව්‍ය අතරින් වැඩිපුර ම භයානක සහ වැඩි හානියක් කරන මත්ද්‍රව්‍යයක් වේ. ඇබ්බැහි වූවෙක් මෙයින් මිදීම කලාතුරකින් සිදු වේ. ඇබ්බැහියෙන් මිදුණත් දීර්ඝ කාලීන රෝග පීඩාවන්ට ලක් වීමට සිදු වේ. ශරීරයේ මස් දිය වීම මෙහි ඇති ප්‍රධානම අතුරු ප්‍රතිඵලයයි. ඒ නිසා ම Zombie drug ලෙසත් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වනවා.

ශරීරයට ඉතාම භයානක ද්‍රාවණ කිහිපයක් එකතු කිරීමෙනුයි මෙය නිපදවෙන්නේ. මෙය භාවිත කරන්නන්ගේ ශරීරය කොළ පැහැයට හැරී තැනින් තැන ඉලිප්පීම් දක්නට ලැබෙනවා. ඒ වගේම ශරීරයේ සංවේදී ඉන්ද්‍රීයන් වන ඇස, ලිංග්‍රේන්ද්‍රය දියකර දැමීමට මෙම මත්ද්‍රව්‍යයට පුළුවන්.

මේ ලිපියෙන් මත්ද්‍රව්‍යවල ඇති භයානක බව තේරුම් ගන්න. මත්ද්‍රව්‍ය රකුසාගෙන් ඔබව බේරාගන්න තරම් බුද්ධිමත් වෙන්න.

වෙනත් ලිපි – ඒඩ්ස් ගැන හරියටම දැනගමු


Leave a Reply

Your email address will not be published. Required fields are marked *