ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියා අතර ප්‍රමුඛ පෙලේ රැකියාවක්. එහි ගුණ අගුණ කෙසේ වෙතත් අද වන විට මෙය වෘත්තියක් ලෙස විවිධ ස්වරූප වලින් පිලිගැනීමට රටවල් 15ක් පමණ නීති සම්පාදනය කර තිබෙනවා.
ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් මෙන්ම බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව වැනි දකුණු ඇමරිකානු රට වලත් කැනඩාව හා ඕස්ට්‍රේලියාවත් මේ වන විට ගණිකා වෘත්තිය පිලිගෙන තිබෙනවා. ආසියාව තුල මේ සම්බන්ධව කතිකාවතක් වර්තමානය වන විට නිර්මාණය වී ඇති අතර නීතිමය වශයෙන් පිලිගෙන නොතිබුණත් තායිලන්තය, ජපානය, පිලිපීනය මෙන්ම ඉන්දියාව තුලත් ගණිකාවන් ප්‍රසිද්ධියේ සිය රැකියා වල නිරත වනවා.

බංගලාදේශය තුල පිරිමි ගණිකා වෘත්තිය තහනම් කර ඇති අතර කාන්තාවන්ට ඒ සදහා නීතිමය වශයෙන් ඇති භාදක ඉවත්කර තිබෙනවා. එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍ය තුලත් ගණිකා වෘත්තියේ යෙදීම නීතිමය වශයෙන් තහනම් වනවා. නමුත් ලොව වැඩිම නිල් චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වන රටවල් ලෙස සැලකෙන්නේ එක්සත් ජනපදය, නෙදර්ලන්තය හා මහා බ්‍රිතාන්‍යයයි.
ගණිකා වෘත්තියේ විවිධ ස්වරූපයන්
ගණිකා වෘත්තිය විවිධ ස්වරූප වලින් ලොවපුරා සිදුවනවා. ගණිකා නිවාස වල සිදුවන සාම්ප්‍රදායික කටයුතු වලට එහා ගොස් අද වනවිට නව තාක්ෂණය හා සම්බන්ධව මෙම වෘත්තියත් ආකාර කිහිපයකින්ම විවිධාංගීකරණයට ලක් වී තිබෙනවා. බොහෝ රටවල වීදි ගණිකාවන් බහුලව හමුවන අතර එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය මෙන්ම හයිටී ඇතුලු කැරබියානු රටවලත් වීදි ගණිකාවන් බහුලවම හමුවනවා. නිල් චිත්‍රපට සදහා රංගනයේ යෙදීම, Lap dancing, Strip dancing මෙන්ම online camera පහසුකම් සපයන වෙබ් අඩවි හරහා මුදල් අයකරමින් තම නිරුවත පෙන්වීම ආදීයද ගණිකා වෘත්තියේ වක්‍රාකාර යෙදීම් ලෙසයි සැලකෙන්නේ.
අද වනවිට ලොවපුරා ගණිකාවන් මිලියන 42ක් පමණ ජීවත් වන අතර මෙයින් 80%ක්ම කාන්තාවන්. ඒ අතරින් බහුතරය වයස අවුරුදු 13ත් 25ත් අතර තරුණියන් බව වාර්තා වනවා. නවීන සමීක්ෂණ වාර්තා අනුව ලොවපුරා ගණිකා වෘත්තියේ යෙදෙන බොහෝ බාලවයස්කාරියන් බලහත්කාරයෙන් සේවයේ යොදවන ලද දැරියන් ලෙසයි හදුනාගෙන ඇත්තේ. ලොවපුරා බොහෝ රටවල සම්භාහන මධ්‍යස්ථාන නමින් තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීම බහුලව සිදු වනවා. සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන 180කට අදික මුදලක් ලොවපුරා ගණිකාවන් වෙනුවෙන් විවිධ පුද්ගලයන් වැය කරන බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
Girlfriend Experience (GFE)” මොකක්ද මේ?
ගණිකාවන් ඇසුර සදහා බොහෝ විට යොමුවන පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ තම ලිංගික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමයි. නමුත් එයින් එහාට ගිය පෙම්වතියකගෙන් ලැබෙන අද්දැකීමක් ලබාදීම සදහා තරුණියක් ලබා ගැනීම මෙම Girl Friend Experience ලෙස හැදින්වෙන ආකාරය හරහා සිදුවනවා.

හුදෙක් ලිංගික ක්‍රියාවකින් පසු අමතක කර දමන නාදුනන තරුණියක් වෙනුවට තමන්ට ජීවිත කාලය පුරාවට මතක හිටින පෙම්වතියක්, මිතුරියක් මෙන්ම තම අවශ්‍යතා මුදලකට ඉටුකර දෙන ගණිකාවක් යම් කාලයක සදහා ඇසුරු කිරීමට ඉඩ ලැබීම මෙහි වෘත්තීමය ස්වභාවයයි. මෙම ක්‍රමය ගණිකා වෘත්තීයේ පැවති බොහෝ විෂමතා ඉවත් කරමින් නව මාවතක් වෙත මෙම වෘත්තිය යොමු කරමින් තිබෙන බවයි විදෙස් මූලාශ්‍ර වාර්තා තුල සදහන් වන්නේ.
නියැලෙන තරුණියන් තම ගැණුම් කරුවන් සමග බොහෝ විට විදෙස් ගත වීම සිදුවනවා. වෙනත් රටක ගත කරන නිවාඩු කාලයකදී තම ගැණුම් කරුවාගේ අවශ්‍යතා ඉටුකරමින් ඔහුගේ පෙම්වතියගේ භූමිකාව නිරූපණය කිරීම ඔවුන් සිදුකරනවා. GFEහී යෙදෙන තරුණියන් සම්බන්ධව අන්තර්ජාලයේ පවතින වාර්තා අනුව ඔවුන් මෙලෙස තම ගැණුම්කරුවන් සමග කාලය ගත කිරීම සදහා දිනකට ඇමරිකානු ඩොලර් 260ක සිට 1500ක පමණ මුදලක් අය කරනු ලබනවා. ඒ වගෙම ඔවුන් පවසන ආකාරයට ඔවුන්ගේ ගැණුම් කරුවන් අතරින් බොහෝ දෙනෙක් ධනවත් මහලු පුද්ගලයන්. මෙම ගැණුම් කරුවන්ගේ අවශ්‍යතා විවිධ වන අතර බොහෝ දෙනෙකුට අවශ්‍ය ලිංගික ක්‍රියාවන් වල යෙදීමට වඩා සුන්දර ලාබාල තරුණියක් තම පෙම්වතිය ලෙස තබා ගනිමින් ඔවුන් සමග විවිධ ගමන් යාමට, අවන්හල් තුල ආහාර ගැනීමට, ඔවුන් සමග තරුණයන් ලෙස ආදරය බෙදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

කැනඩාවේ හා ඇමරිකාවේ මෙම GFE ක්‍රමය මෑත කාලයකදී ජනප්‍රිය වුවත් කාම්බෝජය, තායිලන්තය, පිලිපීනය වැනි අග්නිදිග ආසියාතික රටවල මෙය අතීතයේ සිටම පැවතුනා. නමුත් කිසිවෙකු එයට Girl Friend Experience ලෙස නමක් ලබා දී තිබුනේ නැහැ. අදටත් තායිලන්තය තුල රටට ඇතුල් වීමට පෙර යම් සංචාරකයෙක් එහි ගත කරන කාලය තුල පෙම්වතියක් ලෙස ඇසුරු කල හැකි තරුණියක් වෙන්කර ගන්න පුලුවන් වෙබ් අඩවි පවතිනවා. තායිලන්තය තුල ස්වාධීනව ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් මෙලෙස Proffesional Girl Friend නමින් මෙම කටයුතු කරගෙන යෑම සිදු කරනවා. මෙවන් තරුණියන් සොයා බටහිර සංචාරකයන් රැසක් තායිලන්තයට හා පිලිපීනයට පැමිණෙන අතර මෙවන් සේවාවක් සැපයීම එම රාජ්‍යයන් තුල නීති විරෝධී ලෙස සැලකෙන්නේ නැහැ. එය ඔවුන්ගේ සංචාරක කර්මාන්තයේ රදා පැවැත්ම සදහා වැදගත් වන බවට මතයක් නිර්මාණය වී තිබීම එයට හේතුවයි.
Girl Friend Experience ප්‍රසිද්ධ වුනේ කොහොමද?
Girl Friend Experience නැත්නම් GFE බටහිර රටවල වඩාත් ජනප්‍රිය වීම ඇරඹුනේ 2010 වසරෙන් පසුවයි. මේ සදහා සුවිශේෂී හේතු කිහිපයක් පැවතුනා. 2009 වසරේදී ඇමරිකානු ජාතික සිනමාපට අධ්‍යක්ෂක වරයෙක් වන Steven Soderbergh විසින් The Girl Friend Experience නමින් සිනමාපටයක් නිර්මාණය කලා. මෙම සිනමාපටය සදහා රංගනයෙන් දායක වුනේ හිටපු ප්‍රකට නිල් චිත්‍රපට නිලියක් වුනු Sasha Grey. මෙම චිත්‍රපටය හරහා මුලින්ම GFE සේවය ලබාදෙන තරුණියක් පිලිබදව කතිකාවක් හොලිවුඩයේ සමාජගත කලා.

ඉන් පසුව 2016 වසරේදී The Girlfriend Experience නමින් Tv Series එකක් නිර්මාණය කරන්න Lodge Kerrigan හා Amy Seimetz නම් අධ්‍යක්ෂක වරුන් කටයුතු කලා. මෙම Tv Series එක අද වෙද්දි ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර අද වනවිට එය Season 3ක් දක්වා විකාශනය වී තිබෙනවා. මෙම Tv Series එක බටහිර රටවල ගණිකා වෘත්තියට ඍජු බලපෑමක් ඇති කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. සාම්ප්‍රදායික ගණිකා වෘත්තියේ යෙදුනු තරුණියන් නව මුහුණුවරකින් GFE ක්‍රමයට තම වෘත්තිය කරගෙන යාමට පටන් ගත්තේ මෙම සිනමාපටයෙන් හා Tv series එකෙන් පසුව බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.
Boyfriend Experience නැද්ද?

Girlfriend Experience ගැන දීර්ඝව කතා කරන විට පුරුෂයෙකුට නැත්නම් පිරිමි ගණිකාවකට මෙම වෘත්තීයේ නියැළීමේ හැකියාවක් නැද්ද යන්න පිලිබදව යම් සැකයක් මතු වන්නට පුලුවන්. නමුත් එක්සත් ජනපදය තුල දැනටමත් මෙම සේවාව සපයන පුරුෂයින් සිටින බව වාර්තා වනවා. නමුත් ඔවුන් බහුතරය ගණිකා වෘත්තීයේ නියැලෙන පුද්ගලයන් නොවන බවයි වාර්තා වන්නේ. ඔවුන් බහුතරය නිරූපණය ක්ෂේත්‍රයට සම්බන්ධ කඩවසම් තරුණයන් හෝ සමලිංගික තරුණයන්. විශේෂයෙන් සමලිංගික තරුණයන් ඔවුන්ටම වෙන් වූ Gay Clubs වලදී හමුවන මිතුරන් සමග තම අත්දැකීම් යම් මුදලකට බෙදා ගැනීමට අද වන විට යොමු වෙලා තිබෙනවා.
සමලිංගික පෙම්වතෙකු සමහ දීර්ඝ කාලයක් ජීවත් වීම හෝ නාදුනන සමලිංගික පුද්ගලයන් සමග හුදකලා ලිංගික ක්‍රියා සිදුකරනවාට වඩා මෙය සාර්ථක ක්‍රමයක් බවයි ඔවුන් පවසන්නේ. සමලිංගික තරුණයන් අතර මෙය ජනප්‍රිය වෙමින් පැවතියත් සමලිංගික තරුණියන් අතර මෙය තවමත් ජනප්‍රිය නොවන බවත් මූලාශ්‍ර වාර්තා සදහන් කරනවා. ඒවගෙම ආසියාතික රටවල BFE පිලිබදව වාර්තා වන්නේ නැහැ. නමුත් ඒ හා සමාන සේවාවන් සංචාරකයන් ලෙස පැමිණෙන කාන්තාවන්ට හා පුරුෂයන්ට ලබාදෙන පුද්ගලයන් බොහෝ ආසියාතික රටවල මෙන්ම ලංකාවෙත් සිටිනවා.
මෙම සේවය සපයන්නේ ගණිකාවන් පමණද?
GFE ගණිකා වෘත්තීය කෙරෙහි සමාජය තුල පැවති වෛරී ස්වභාවය ක්‍රමයෙන් ඉවත් කරමින් පවතින බව පෙනී යන දෙයක්. නමුත් බටහිර රටවල බොහෝ වීදි ගණිකාවන් මත්ද්‍යව්‍ය සදහා තදින් ඇබ්බැහි වී සිටින බැවින් එවැනි කණ්ඩායම් මේවන් ක්‍රම වෙත යොමුවීම අවම මට්ටමකයි පවතින්නේ.
නමුත් එක්සත් ජනපදයේ හා කැනඩාවේ මෙන්ම බොහෝ යුරෝපීය රටවල නිල් චිත්‍රපට සදහා සුලු වශයෙන් රංගනයේ යෙදුනු සුරීපී තරුණියන් අද GFE ලබා දෙන බවට දැන්වීම් පවා පලකර තිබෙනවා. එලෙසම GFE හා BFE සේවා ලබාගැනීමට කැමති පුද්ගලයන් සදහා තරුණ තරුණියන් මුණගස්වන ඒජන්සි සේවා පවා බටහිර රටවල මෙන්ම අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක පවතිනවා.

මෙම වෘත්තියේ නියැලී සිටින්නේ ගණිකාවන් පමණක් නොවේ. බොහෝ නිරූපිකාවන්, වෙනත් රටවලින් එක්සත් ජනපදයට හෝ කැනඩාවට පැමිණෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා මෙයට යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. අන්තර්ජාලය තුල ඇති GFEහි නියැලෙන තරුණියන් විසින් සිදුකල ප්‍රකාශයන් හා වාර්තා අනුව ඔවුන් නාදුනන පුරුෂයන් හෝ කාන්තාවන් සමග පැය කිහිපයක් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට වඩා හොදින් දැන අදුන ගෙන, දිනකට හෝ දින කිහිපයකට යම් පුද්ගයෙකු සොයන ආදාරය ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බව සදහන් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එය නිසැකවම තම ගැණුම් කරුවාට මෙන්ම තමන්ටත් වෙනස් හැගීමක් ඇති කරන බවයි.
GFE පිලිබදව ගණිකා වෘත්තියේ යෙදෙන බටහිර තරුණියන්ගේ අදහස්
GFE පිලිබදව ඔවුන් පවසන ප්‍රධානම දෙය නම් GFE මගින් තම වෘත්තිය ගෞරවාන්විත කරන බවයි. තම ගැණුම් කරුවා සමග පැයකට හෝ කිහිපයකට කාමරයකට කොටු වූ ඇය පෙම්වතියක් බවට පත්ව තවත් මිනිසෙකුගේ හැගීම් බෙදාහදා ගන්නා අයෙක් බවට මෙමගින් පත් වනවා. GFE සබදතා වලදී ගොඩනැගෙන හැගීම් අව්‍යාජ බවයි ඔවුන් පවසන්නේ. තමා සමග යහන්ගත වන පුරුෂයා හෝ කාන්තාවගේ අදහස් හා සිතුවිලි, ඔවුන්ගේ ආශාවන්, ඔවුන්‍ට තම සහකරුවා හෝ සහකාරියගෙන් නොලැබුණු ලිංගික තෘප්තිමත් බව වැනි කාරණා හොදින් වටහා ගෙන ඔහු හෝ ඇයට උපරිම වින්දනයක් ලබාදිය හැකි සේවාවක් තමන්ට මේ ක්‍රමය මගින් සැපයිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

GFE තමන්ට ඉතා ලාභදායි ක්‍රමයක් බව ඔවුන් පවසනවා. විශේෂයෙන් Strip හා Lap dancing නර්තනයන්හී නිරත වුනු තරුණියන් හා ප්‍රකට නොවන නිරූපිකාවන් තමන් ඉන් පෙර වැඩි මහන්සියකින් ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් GFE මගින් උපයන බව සදහන් කර තිබෙනවා. ඒ වගෙම ධනවත් පුද්ගලයන් රැසක් ඔවුන්ට මේ හරහා ඇසුරු කිරීමට ලැබුනු බවත් එය තමන්ගේ සමාජ සබදතා සදහා වැදගත් වන බවත් ඔවුන් පවසනවා. Girlfriend Experience ලබා දුන් සමහර තරුණියන් අද තමන්ට ගැණුම් කරුවන් ලෙස හමු වූ පුරුෂයන් සමග විවාහ වී හොද පවුල් ජීවිත ගත කරන බවටත් වාර්තා හමු වනවා.
GFE අද වනවිට ක්‍රමයෙන් බටහිර රටවල trend එකක් බවට පත්වෙමින් තිබෙනවා. නමුත් මෙම ක්‍රමයේ අග්නිදිග ආසියාතික රටවල ඇරඹ තිබුනේ ඊට බොහෝ කාලකට පෙර සිටයි. ගණිකා වෘත්තීයේ ගුණ අගුණ කෙසේ හෝ වේවා GFE මගින් එයට නව මුහුණුවරක් ලබා දී ඇති බව පෙන්නට තිබෙනවා. GFE සදහා දැනට සිටින ලාබාල ගණිකාවන් බොහෝ දෙනෙක් ක්‍රමයෙන් යොමු වෙමින් සිටින නිසා අනාගතයේදී මෙම ක්‍රමය වඩාත් ජනප්‍රිය වනු ඇති බවට පෙනී යනවා.

එලෙසම මෙය ලෙඩ රෝග පැතිරීමට ඇති ඉඩකඩද අවම කරන බවයි වෘත්තීයේ නියැලෙන තරුණියන්ගේ අදහස. වඩාත් වැදගත් කරුණ නම් GFEහි නියැලෙන තරුණියන් බොහොමයක් එම වෘත්තියේ සිය කැමැත්තෙන් යෙදීමයි. දිනපතා සිදුවන ගණිකාවන් ඝාතන, අතුරුදහන් වීම්, හිරිහැරයට ලක්වීම්, සමූහ දූෂණයන් වැනි දෑ මෙන Girlfriend Experience හරහා අනාගතයේදී අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් එමගින් ඔවුන්ට ආරක්ෂිතව තම වෘත්තියේ නියැලීමේ අවස්ථාව උදාවනු ඇති බවටත් ඔවුන් විශ්වාස කරනවා.
සටහන මනුජිත් අබේරත්න
වෙනත් ලිපි – මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය